gossiplanka alexa කොරෝනා වෛරසය විනාශ කරන බෙහෙත අධීක්ෂණයට කණ්ඩායමක්, රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දීමට තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය විනාශ කරන බෙහෙත අධීක්ෂණයට කණ්ඩායමක්, රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දීමට තීරණයක්

කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කිරීමටහැකි ඖෂධයක් ලෙස හඳුන්වා දුන් පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව එම ඖෂධය සොයාගත් ධම්මික බණ්ඩාර මහතා පවසනවා. 
 
මෙතෙක් ඒ සඳහා සෞඛ්‍ය අනුඅමෙතිය ලැබී නොමැති බැවින් එයට සෞඛ්‍ය අනුමැතිය ලැබීමෙන් පසු මෙලෙස රාජ්‍ය ඔසුසල් වලට ලබා දීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අංශවල ඉල්ලීම මත දැනට එම ඖෂධය බෙදා හැරීම නතරකර ඇති බවත් ඒ මහතා පවසනවා.  

 

මේ අතර විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගොස් ඔහු විසින් හඳුන්වා දුන් කොරෝනා මර්ධන ඖෂධය නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබෙනවා. එම කණ්ඩායමට ආයුර්වේද කොමසාරිස් ජනරාල්. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ද ඇතුළත්.

විශේෂඥ කණ්ඩායමේ අධීක්ෂණය මත මි පැණි, සාදික්කා ඇතුළු ඖෂධ කිහිපයක් භාවිතා කරමින් මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇති අතර එම නිෂ්පාදිත ඖෂධ තොගය බෝතල්වලට දමා මුද්‍රා තබා විශේෂඥ කණ්ඩායමට භාර දී ඇති බව සඳහන්.

එසේ නිෂ්පාදිත ඖෂධය මඟින් කොරෝනා වෛරසය විනාශ කිරීමේ ඇති හැකියාව සොයා බැලීමට පර්යේෂණ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu