gossiplanka alexa මූලාශ්‍රයක් හමු නොවූ කොරෝනා රෝගියෙකු ගාල්ලෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මූලාශ්‍රයක් හමු නොවූ කොරෝනා රෝගියෙකු ගාල්ලෙන්

ක්මීමන තොටගොඩ පස්මාළුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විදේශගත වීම සඳහා වීසා ලබා ගැනීමට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සිදු කල පී.සී.ආර් පරීක්ෂණයක දී ඔහුට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. 

මෙම පුද්ගලයා මිනුවන්ගොඩ ඇගලුම්කම්හල් පොකුරට, පැළියගොඩ මත්ස්‍ය අලෙවිසැලේ පොකුරට හෝ කොළඹ නැව් තටාකාංගන ආශ්‍රිත පොකුරට අයත් නොවන බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසා සිටින්නේ.

ඔහුගේ සහෝදරයෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී පසුව නිවසට පැමිණ තිබෙනවා. ඔහු නිවසට පැමිණිමට පෙර සිදුකල පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව අනුව ඔහුට කොරෝනා වයිරසය නෙගටිව් තත්ත්වයේ පැවතී තිබෙනවා. කෙසේ වෙතත් නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි පුද්ගලයාගෙන් මෙම වෛරසය බෝ වූවාද යන්න පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.

එම වෛරසය ආසාදිත පුද්ගලයාගේ මව ද කෑම පිසීම සඳහා යන කාන්තාවක් බැවින් ඒ සම්බන්ධයෙන් ද පරික්ෂණ පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu