gossiplanka alexa මධුර ස්වරයෙන් ජන හද පිනවූ සුපිරි ගායකයා කොරොනා මාරයාට ගොඳුරු වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මධුර ස්වරයෙන් ජන හද පිනවූ සුපිරි ගායකයා කොරොනා මාරයාට ගොඳුරු වෙයි

සිය මධුර ස්වරයෙන් සුවහසක් ජනයා පිනවූ ඉන්දීය ජනප්‍රිය ගායක එස්.පී බාලසුබ්‍රමනියම් මහතා කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් අනතුරුව අද (25) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 74 වියේ පසු වූ ඔහු චෙන්නායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. 

පසුගිය අගෝස්තු මස පළමු සතියේ දී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නමුත් ඔහුට බරපතල තත්ත්වයක් ඇති වී නොතිබුණු නිසා ඔහු නිවසේ සිට නිරෝධායනයට යොමු විය.

නමුත් ඔහුගේ පවුලේ සමීපතමයින් ඔහුව රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් අතර සැප්තැම්බර් 23 ඔහුගේ තත්ත්වය නරක අතට හැරුණු බැවින් ඔහු අසාධ්‍ය රෝගියෙකු ලෙස සලකා ප්‍රතිකාර ලබා දුනි.

 එස්.පී බාලසුබ්‍රමනියම් මහතා මසකට වඩා වැඩි කාලයක් ස්වසන ආධාරකයක ප්‍රතිකාර ලබමින් සිටියා.

අද දහවල් 1.04 ඔහු අවසන් හුස්ම හෙලූබව ඔහුගේ පුත් එස්.පී.චරන් මාධ්‍ය අමතමින් කියා සිටියා.

එස්.පී බාලසුබ්‍රමනියම් මහතා  වැඩිම ගීත සංඛ්‍යාවක් පටිගත කිරීම වෙනුවෙන් ගිනස් ලෝක වාර්තාව දිනාගෙන සිටි අතර හය වතාවක් හොඳම පසුබිම් ගායකයා සඳහා ද ජාතික සම්මානය ලබාගෙන තිබෙනවා.

2001 දී ඉන්දියාවේ උසස්ම සම්මායක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද 2011  පද්ම භූෂණ සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu