gossiplanka alexa මාතරින් හමුවූ කොරෝනා රෝගියාගේ කණ්ඩායම තොරතුරු වසන් කිරීම නිසා දැඩි අපහසුතාවයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාතරින් හමුවූ කොරෝනා රෝගියාගේ කණ්ඩායම තොරතුරු වසන් කිරීම නිසා දැඩි අපහසුතාවයක්

සුගිය 13 වනදින ඉන්දියාවේ බැංගලෝර් හි සිට   මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතික ගුවන් යානා කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් තමන් කිසිදු දැනුවත් කිරිමක් සිදු කර නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර තිබෙනවා. 

මෙම කණ්ඩායම 15 දෙනෙකුන්ගෙන් සමන්විත වූ අතර ඔවුන්ට ඉන්දියාවේදී PCR පරීක්ෂණය සිදු කර ඇති නමුත් එහිදී ඒ සියළුදෙනාටම කොවිඩ් -19 වෛරසය වැළඳී නැති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ මාඅතර සංචාරක හෝටලයක නවාතැන් ගෙන තිබෙනවා.

නමුත් ඔවුන් යලි විදේශගත වීම සඳහා PCR පරීක්ෂණය සිදු කිරීමේ දි එම කණ්ඩායමේ 52 හැවිරිදි පුද්ගලයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි සඳහන් වන්නේ. 

මෙම පිරිස ගුවන් තොටුපොළෙන් පිටව යෑම සිට මාතර ප්‍රදේශයේ පිහිටි හෝටලය කරා ගිය ආකාරය සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තත්ත්වයක් ද පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරනවා. එසේම මෙම පිරිස සුපිරි වෙළඳ සංකීර්ණ ඇතුළු ස්ථාන ‍රැසක සංචාරය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔවුන් ඒ සඳහා ත්‍රී රෝද රථ යොදාගත් බවටයි තොරතුරු සොයා ගෙන ඇත්තේ. මෙම ගුවන් කාර්ය මණ්ඩලය විසින් ඔවුන් ආගිය ස්ථාන සහ ඇසුර කල පිරිස සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය නොකිරීම මේ වන විට විශාල ගැටළුවක්ව පවතිනවා.

කෙසේ වෙතත් මොවුන් ‍රැඳී සිටි හෝටලයේ සේවකයින්,ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, ත්‍රීරෝද රථ රියදුරන් ඇතුළු පුද්ගලයින් 110 දෙනෙකු හඳුනාගෙන ඔවුන් මේ වන විට නිරෝධායන ක්‍රියාවලියට යොමුකර තිබෙනවා. ඔවුන්ට අදාළ PCR පරීක්ෂණ ද සිදු කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu