Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube


කොල්ලුපිටියේ පිහිටා ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ ඉරි තැලීමක් සහ ජල කාන්දුවක් ඇති වී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පවසනවා. 

මේ නිසා එම කාර්යාලයේ සේවකයින් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

මෙම ගොඩනැගිල්ල ගිලා බැසීමේ තත්ත්වයට පත්ව ඇතැයි එහි සේවකයින් පවසනවා. එසේ වී ඇත්තේ අසල ඉදිකරන නිවාස ව්‍යාපෘතියක බලපෑමක් හේතුවෙන් බවයි එම සේවකයින් වැඩි දුරටත් පවසන්නේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉහළ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණද ව්‍යාපෘතිය සිදු කරන සමාගමෙන් ඉහළ නිලධාරීන්ට මුදල් ලබා දීමෙන් එම පැමිණිල්ල සමථයකට පත්කර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page