gossiplanka alexa කණ්ඩායමෙන් ඉවත් කළ වොලිබෝල් ක්‍රීඩාවේ දූෂණට පි‍ටුපෑ ක්‍රීඩකයා තායිලන්තයේ තරුවක් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කණ්ඩායමෙන් ඉවත් කළ වොලිබෝල් ක්‍රීඩාවේ දූෂණට පි‍ටුපෑ ක්‍රීඩකයා තායිලන්තයේ තරුවක් වෙයි

https://www.gossiplanka.com/2020/07/volleyball-victory.html
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ ද යම් යම් ගැටළුකාරි තත්ත්වයන් මතු වී ඇති අවධියක ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමෙන් කපා හල දක්ෂ ක්‍රීඩකයෙකු තායිලන්ත කණ්ඩායමක තම දක්ෂතා පෙන්නුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වොලිබෝල් කණ්ඩායමේ නායකයා වන ජනිත් සුරත් තායිලන්ත වොලිබෝල් ලිග් ශූරතා තරගාවලියේදී රචසිමා කණ්ඩායම වෙනුවෙන් තරඟ කර එම කණ්ඩායම ශූරතාව කරා ගෙන යාමට සමත්ව තිබෙනවා.

ජනිත්, ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ හිටපු කියුබානු ජාතික පුහුණුකරුගේ සහ වොලිබෝල් බලධාරීන්ගේ කැපිල්ලට ලක් වූවෙක්. ඒ සියලු දේට අභියෝග කරමින් ඔහු තම කුසලතා ජාත්‍යන්තරයට ගෙන යාමට සමත්ව තිබෙනවා.

කියුබානු පුහුණුකරු ඔහු සාග් තරගාවලියෙන් කපා දමන්නේ ඔහුට වඩා තවත් දක්ෂ ක්‍රීඩකයින් කණ්ඩායම තුළ සිටින බව පවසමින්.

නමුත් ඔහු තායිලන්ත තරඟාවලියේ දී දක්ෂතම උස පන්දු ප්‍රහාරකයා ලෙස ද සම්මාන දිනා ගත්තා.

ජනිත් ජාතික වොලිබෝල් කණ්ඩායමට එක් වන්නේ වයස අවුරුදු 18 දීය. 2007 වර්ෂයේදී. ජාතික වොලිබෝල් කණ්ඩායමට තේරී පත් වන ජනිත් සුරත් 2014 වසරේදී ජාතික කණ්ඩායමේ නායකයා බවට පත් වුණා.

සුරත් ජනිත් වොලිබෝල් ක්‍රීඩාවේ පවතින දූෂණ වංචා පිළිබඳව ඍජුව කතා කල පුද්ගලයෙක්.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu