gossiplanka alexa දේශපාලන වේදිකාවට ජයතිලකයක් වූ තරුණ නායකත්වය - මිලාන් ජයතිලක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දේශපාලන වේදිකාවට ජයතිලකයක් වූ තරුණ නායකත්වය - මිලාන් ජයතිලක

පාර්ලිමේන්තුව තුළ අපි අද දකින්නේ පිල් මාරුවන එකම දේශපාලන චරිත ටිකක් පමණි. නමුත් මෙවර එම වෙස් පෙරලිය වෙනස් කිරීම සිදු කළ යුතුයි.

එසේ නොමැති වුවහොත් ඔබ කුඩා කළ උගත් , ඇසූ ලෙසම තවත් බෝ කාලයකට ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස කියනවා ඇත.  වෙනසක් වෙනුවෙන් ඔබ කළයුත්තේ ඔබේ මනාපය නිවැරදිම පුද්ගලයාට ලබාදීමයි.

දේශපාලන වේදිකාවට ජයතිලකයක් වූ මිලාන් ජයතිලක යනු වෙනසක් කළහැකි පුද්ගලයෙකි.    ව්‍යාපාරික පවුලකින් එන ඔහු  සැමවිටම තමාට පෙර රට යන සංකල්පය සමග කටයුතු කළ අයෙකි.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් තම  උසස් අධ්‍යාපනය නිමාකළ මිලාන් නාවික ඉංජිනේරු වරයෙක් ලෙස තම වෘත්තීය ජීවීතය ආරම්භ කළේය.  වසර පහකට වැඩිකාලයක් එලෙස කටයුතු කළ ඔහු  පවුලෙන් ලද ආභාෂය සමඟ  ව්‍යාපාර ලෝකයට පිවිසීය. එම කාලය තුළ  දක්ෂ ව්‍යවසායකයකු ලෙස ඔහු කැපීපෙනෙන්නට විය.
 
දක්ෂ ව්‍යාපාරිකයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ ඔහුට නිතැතින්ම ජනතා ප්‍රසාදය විය. තමා උපයන දේ තුළින් සමාජ සේවා කිරීමට කිසිවිටෙකත් ඔහු මැලිනොවීය. මේ ජනතා ආකර්ෂණය නිසාම ඔහු 2011 වසරේ පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්විය.  එහිදි දොම්පේ ආසනය තුළ වැඩිම මනාප ලබාගනිමින් බස්නාහිර පළාතේ ලාබාලතම ප්‍රාදේශීය සභාපතිවරයා ලෙස පත්විය. 

තම තරුණ ජවයත් , ව්‍යාපාර දැනුමත් එකට එකතු කරගනිමින් ඔහු දොම්පේ ප්‍රාදේශීය සභාව තුළ විශාල වෙනසක් කරන්නට සමත් විය. අනෙකුත් ප්‍රාදේශීය සභා අභිබවා යමින් දොම්පේ ප්‍රාදේශීය සභාව තුළ ඵලදායිතාව ඉහළට ගෙනෙන්නට ඔහුට හැකිවිය. ඉතා කෙටි කාලයක් තුළ දී දොම්පේ ප්‍රාදේශීය සභාව ලංකාවේ පළමු ස්ථානයට ගෙන ඒමට ඔහු සමත් වූයේ ඔහු තුළ ඇති දක්ෂතාව මතය.  පක්ෂයේ කඩාවැටීම් තුළ දී ශක්තිමත්ව සියල්ලට මුහුණ දෙමින් ජයග්‍රහණය සදහා තම ගමන ගෙනයන්නට ඔහු තුළ ඇත්තේ සහජ හැකියාවකි.

ඉතින් රටේ යහපත් වූ අනාගතය වෙනුවෙන්ද තෝරාගත යුත්තේ මෙවැනි වූ තරුණ නායකයින් බව ඔබට දැන් පසක් වනු ඇත.  ඔබේ අද තෝරාගැනීම හෙට ඔබේ යහපත අයහපත තීරණය කරණු ඇත.

දේශපාලන වේදිකාවට ජය කොන්තයක් වූ මිලාන් ජයතිලක නම් ඔහු වෙනුවෙන් අංක 20ට ගම්පහ ඔබේ කතිරයේ වටිනාකම ලබා දෙන්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu