gossiplanka alexa සුවහසක් දරුවන්ගේ නැණ පෑදූ ගම්පහට ජය ධජයක් වූ ජයකොඩිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුවහසක් දරුවන්ගේ නැණ පෑදූ ගම්පහට ජය ධජයක් වූ ජයකොඩිය

https://www.gossiplanka.com/2020/07/sisira-jayakody-gampaha.html

ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ සිසිර ජයකොඩි යන නාමය ජය ධජයකි. එයට හේතුව නම් දේශපාලනය කිරීම සඳහා මනා දැනුමක් අවබෝධයක් සහිත වීමයි . එය කාලයක් දේශපාලනය තුළ නිරතවීම පමණක් නොව , ඔහු තුළ ඇති මනා අධ්‍යාපනයයි.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් උසස්පෙළ සඳහා දිවයිනේ විශිෂ්ඨ ප්‍රථිඵල ලබාගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත්ව, තම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමාකරමින් ඉන් පිටත්ව තම වෘත්තීය ජීවිතය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිධරයෙකු ලෙස ආරම්භ කළේ ය. එපමණක් නොව , සිසිර ජයකොඩි නාමය සුවහසක් උසස්පෙළ දරුවන්ගේ හදවතේ ලැගුම් ගන්නේ තම ආදරණීය තර්ක ශාස්ත්‍ර ගුරුතුමා ලෙසයි.

ජනාදරය , ප්‍රසාදය නිසාම අඛණ්ඩව  සිව්  වතාවක්,  සුවිශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින්  බස්නාහිර පළාත් සභාවේ   මන්ත්‍රීවරයෙකු ලෙස සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස හිදිමින් ඔහු දේශපාලන භූමිකාව තුළ වගකීම්  රැසක්  උරදරන්නට විය.

බිම් මට්ටමේ දේශපාලන භූමිකාව තුළ ජනතාව  තුළ තැබූ විශ්වාසය සහ ප්‍රගතිය මත , 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදි මනාප ඡන්ද ලක්ෂයකට වඩා ලබා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය.

එතුමන්ගේ පාර්ලිමේන්තු නියෝජනය ඇතමුන්ට නම් රතු එළියක් විය . එයට හේතුව වූයේ ,ජනතාවට අයහපතක් අසාධාරණයක් වන පනත් බොහෝමයක් හකුලා දැමීමයි.

ඉතා නින්දිත ලෙස කරළියට පැමිණි , මියගිය එල්.ටි.ටී ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන හානිපූර්ණ පනත, විදේශිකයන්ට ඉඩම් පැවරිය හැකි ඉඩම් හිමිකම් පනත, ජනතාව සූරාකන පීඩාකාරි බදු පනත හා  වැට් බදු පනත එවැනි පනත් කිහිපයකි.

එමෙන්ම පාර්ලිමේන්තුව තුළ තමන්ට ලැබුණු අවස්ථාවේ  එකිනෙකාට මඩ ගැසීම නොව හැකි හැම විටම තම උපරිමයෙන් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ වචන හරඹ කරන්නට ඔහු ඉදිරිපත් විය.  විටෙක සැත්කම් නිසා දරුඵල අහිමිවුණු මව්වරු 4000ක්  වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන ලෙස පාර්ලිමේන්තුවට කරුණු දැක්වීය. තවත් විටෙක මහාසංඝරත්නය සහ විරෝධාර රණවිරුවන්  දඩයම් කිරීමට එරෙහිව නිරන්තරවම තම හඬ අවදි කරන්නට විය.

අදූරදර්ශී ලෙස , ඉතිහාසය වළලමින්  මෙරට ඓතිහාසික පුරාවස්තු විනාශයට එරෙහිව සහ දුම්බර මිටියාවත , නකල්ස් කඳු වැටිය , මුතුරාජවෙල  අභය භූමිය  වැනි  සංවේදි පරිසර පද්ධතීන් විනාශයටද එරෙහිව  ඔහු කටයුතු කරන්නට විය.

ගුරුවරයෙකු ලෙස තමා ලබා ඇති අත්දැකීම් සහ පරිචය තුළ පාසල් විෂය මාලාව තුළ ඇතිව ඇති ගැටළු විසදීම , ගුරු ගැටළු හඳුනාගනිමින් නිසි විසඳුම් ලබා දීම මෙන්ම , විශ්වවිද්‍යාල තුළ ඇති සියළු ගැටළු පිළිබඳ අවධානය ලබා දෙමින් නිදහස් අධ්‍යාපනය , නිදහසේ ලැබීමට ඇති බාධා ඉවත්කිරීමට ඔහු කටයුතු කළේය.

ජනතාව තමාවෙත ලබාදුන් ජනවරමට වගකියමින් ,  ගම්පහ දිස්ත්‍රික්කය පුරා  නිවාස , පානීය ජල පහසුකම් , මංමාවත්  , ප්‍රජා ශාලා,  පුස්තකාල,  විද්‍යාගාර , සෞඛ්‍ය මධ්‍යස්ථාන ගොඩනගමින් ඔහු ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට කටයුතු කළේ තමාට රජයෙන් ලැබෙන මුදල් වලට නිසි වටිනාකමක් ලබා දෙමිනි.

මෙලෙස විවිධ විශයන්  තුළ  තම උපරීම සේවය ජනතාවට  ලබා දිමට ඔහුට හැකියාව ලැබුනේ ලබා ඇති උගත්කම සහා  අත්දැකීම් නිසාවෙනි.   ඉතින් ඔබ බලාපොරොත්තුවන්නේ ඔබට රටට  වගකියන  නියෝජිතයෙක්නම්  ඔබ තෝරාගතයුත්තේ  උගත් , බුද්ධිමත්  පුද්ගලයෙකි.

ඉතින් ඔබට අවස්ථාවක් ඇත. උගත් ,  බුද්ධිමත් ඉතිහාසයක් ඇති ඔහු ඔබ වෙනුවෙන් වගවෙනු ඇත.

ඔබට හිතැති ඔහු... සිසිර ජයකොඩි.....

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu