Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/07/arrest-people-at-wathupitiwala-hospital.html
වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් වතුපිටිවල රෝහලට ඇතුල් වීමට තැත් කළ පුද්ගලයෙකු අද (26) අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඉන්දීය ජාතිකයෙකු බවයි පසුව අනාවණය වී ඇත්තේ.

මෙම පුද්ගකයා තිහාරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමඟ විවාහ වී ඇති බවයි වැඩි දුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අදාළ සැකකරු තමන් වෛද්‍යවරයෙක් බව පවසමින් රෝහලට ඇතුළු වීමට තැත් කල අවස්ථාවේ දී ඒ පිළිබඳව සැක සිතී රෝහල් වෛද්‍යවරයෙකු විසින් ඔහුව ප්‍රශ්න කර තිබෙනවා. එම අවස්ථාවේ දී මොහු ව්‍යාජව පෙනී සිටීමට උත්සාහ දරණ බවට අනාවරණය වීමත් සමඟම ඔහු රෝහල් පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව නිට්ටඹුව පොලිසිය වෙත භාර දුන් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟම ලබන මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි වාර්තා වන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page