තරු පංතියේ හෝටල්වලට මත් පෙති දෙන මොළකරු ගැන අනාවරණයක්

https://www.gossiplanka.com/2020/07/hotel-drugs.html
තරු පන්තියේ හෝටල්වල සහ සමාජ ශාලාවල සිදුවන මත්පෙති ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කොළඹ පිහිටි තරු පංතියේ හෝටලයක් අසල දී මත්පෙති ජාවාරමක් වැටලීමෙන් පසු මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මත් පෙති ජාවාරම මෙහෙයවන්නේ දැනට බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු විසින් බව මේ වන විට සොයාගෙන තිබෙනවා.

රුපියල් මිලියන 28ක් පමණ වටිනා මත්පෙති 5600ක තොගයක් සමඟ හෙරොයින් ද සතුව තිබූ සැකකරුවන් දෙදෙනෙක් ද වැටලීමේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu