gossiplanka alexa රටේ ගමන් මග වෙනස් කල හැකි හඬ, කි‍ඳෙල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටේ ගමන් මග වෙනස් කල හැකි හඬ, කි‍ඳෙල්

https://www.gossiplanka.com/2020/07/susilkindelpitiya-feature-article.html
1948 වසරේ නිදහස ලබා ශ්‍රී ලංකාව එතැන් පටන් දශක 7කට අධික කාලසීමාවක් විවිධ පාලන සමයන් පසුකර ගියද ගෙවී ගිය කාල සීමාව දෙස ආපසු හැරී බැලීමේදී අපට සතුටු විය හැකිද?

නිදහස ලබන විට ආසියාවේ ඉහළම ආර්ථික ශක්තියකින් හෙබි රටක් වූ ශ්‍රී ලංකාව අද වන විට ආර්ථික ශක්තිය අතින් දකුණු ආසියාවේ ද අන්ත අඩියට වැටී තිබේ.
පාලකයන් වෙනස් වන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය බවට බොහෝ දෙනා අදහස් පළ කළ ද අදත් එවැනි තත්ත්වයක් නිර්මාණය වී නොමැත. එසේ නම් අපේ රට තිබුණු තැනින් ආපස්සට ගමන් කිරීමේ වගකීම භාර ගත යුතු වන්නේ කවුරුන්ද?

මේ ප්‍රශ්නයට බොහෝ විට ලැබෙන පිළිතුර එදා මෙදා තුර රට පාලනය කළ නායකයන් සහ දේශපාලන පක්ෂ ඊට වගකිව යුතු බවයි. එහෙත් එම වගකීම දේශපාලනඥයන්ට පමණක් පැවරීම නිවැරදි නොවන්නේ එකී දේශපාලඥයන් මහජන නියෝජිතයන් ලෙස තෝරා පත්කර ගත්තේ මෙරට ඡන්දදායකයා වන අප විසින්ම වන බැවිනි.

මෙතෙක් ගමන් කළ මාවතේ තවදුරටත් අපේ රටට ගමන් කළ නොහැකිය. එසේ වුවහොත් මේ රට යළි කිසිදා ගොඩගත නොහැකි අගාධයකට ඇද වැටෙනවා නියතය.එසේනම් රටේ ගමන් මග වෙනස් විය යුතුමය. රටේ ප්‍රතිපත්ති හදන පාර්ලිමේන්තුවට අප විසින් සුදුසු මහජන නියෝජිතයන් තෝරා පත් කළ යුතු බව නියත කරුණකි.

සුසිල් කිඳෙල්පිටිය නම් මිනිසා අලුත් පාර්ලිමේන්තුවට පත් කළ යුතුම අයකු වන්නේ ජාතිය ඉල්ලා සිටින ඉහත කී අවශ්‍යතාවන් ඉටු කළ හැකි නායකයෙකු නිසාවෙනි. අපට අවශ්‍ය වන්නේ යන මඟ දැන ගෙන යන නායකයන් මිස අයාලේ යන පිරිසක් නොවේ.

කිඳෙල්පිටිය යනු මෙරට පිනට පහළ වූ විශිෂ්ඨ ජනමාධ්‍යවේදියෙකි. අයුක්තියට අසාධාරණයට මෙන්ම දූෂණයට එරෙහි සටන්වලදී පෙරමුණ ගත් නායකයෙකි. මෙරට ගවේෂණාත්මක මාධ්‍ය කලාවට නැවුම් අර්ථකථනයක් එක් කළ අයෙකි. තාක්ෂණයත් සමඟ දිනෙන් දින වෙනස් වන ලෝකය ගැන යාවත්කාලීන වන දැනුමෙන් ඔහු සන්නද්ධය. රට ගොඩනගන දැක්මක් මෙන්ම සිය ඡන්ද දායකයින්ට උපරිම සේවාවක් සැලසිය හැකි වැඩපිලිවෙලක් ඔහු එළි දක්වා තිබේ.

මේ සියලු සුදුසුකම් සපුරා ඇති සුසිල් කිදෙල්පිටිය වෙනස් වෙන රටකට අවශ්‍යම නායකයකු වන්නේ ඒ නිසාය.

ඔහු මැති සබයට තෝරා පත් වුවහොත් රටට අහිතකර ඕනෑම කටයුත්තකදී සියල්ලන්ටම පෙර ඔහුගේ හඬ අවදි වනවා නොඅනුමානය. ඕනෑම අණ පනතක් පාර්ලිමේන්තුවට ආ විට ජනතාවගේ පැත්තේ සිට විමසා බලා තීරණ ගන්නා මහජන නියෝජිතයෙකු නියත ලෙසම  ලැබෙනු ඇත.

සටකපට දේශපාලනඥයින්ට අනුන්ගේ ඇස් වසා සිය අරමුණු ඉටු කර ගැනීමට ඉඩක් නොලැබෙනු ඇත. ඔහු සතු දැනුම රටේ ප්‍රතිපත්ති සම්පාදනයේ දී ප්‍රායෝගිකව වඩාත් වැදගත් වනු ඇත.

ජරා ජීර්ණ වූ දේශපාලනයේ වෙනසක් පතන ඕනෑම අයෙකුට සුසිල් කිඳෙල්පිටිය කදිම තේරීමක් වන්නේ ඒ නිසාය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu