Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පෞ
ද්ගලික බස් රථ සංඛ්‍යාව 50% කින් අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සූදානමින් සිටිනවා. ඒ ලබන අඟහරුවාදා සිටයි.

කොරෝනා වෛරසය නිසා ජනතාව පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම අඩුවීමක් ඇති බවත් බස් ගාස්තු ද ඉහළ දැමීමට අවසර නොදීමත් නිසා මෙම තීරණය ගත් බවයි සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර සිටින්නේ. 

මේ හේතුන් නිසා බස් හිමියන් පාඩු ලබන තත්ත්වයකට පත් වී ඇති බවයි සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටින්නේ. 

කෙසේ වෙතත් බස් ධාවනයෙන් ඉවත් නොවී 50%ක ප්‍රමාණයක් ධාවනයට සැලසුම් කර ඇති බවත් මේ පිළිබඳව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page