gossiplanka alexa මව්බිමේ සිහිනයට පණ පොවන දැය දිනූ ජය සක් හඬ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මව්බිමේ සිහිනයට පණ පොවන දැය දිනූ ජය සක් හඬ

ශ්‍රී ලාංකීය භික්ෂු සම්ප්‍රදායේ වත්මන් කාර්යභාරය කුමක්දැයි මොනවට පැහැදිලි කරන හරස්කඩක් ලෙස අතුරලියේ රතන හිමි දේශපාලන මැදිහත්වීම දැක්විය හැක.  දිනෙන් දින පාගා මිරිකා වනසා දමන්නට කැස කවන අදීන ජාතියක අනන්‍යතාව සුරැකීම වෙන කවරදාකටත් වඩා අද අත්‍යාවශ්‍ය වී තිබේ. 

බටහිර බලවේග අප මේ කුඩා පාරාදිසය ගිල ගැනීමට රොද බැඳ ඇති මොහොතක කොමිස් කුට්ටියට යට වී දේශය පාවාදෙන දේශපාලුවන්ගෙන් දැය රැකගැනීමට කහ සිවුර තරම් අන් කිසිවක් කෙරෙහි විශ්වාසය තැබිය හැකිද ?

එදා මෙදා තුර දිවි හිමියෙන් දේශය රැකි සඟ පරපුරක වත්මන් පුරුකක් ලෙස අප රතන හිමියන් හඳුන්වන්නේ එබැවිනි.

එකම රටක එකම නීතියක අවශ්‍යතාවය දැනෙමින් පවතිනුයේ බොහෝ කලක සිටය. දේශයේ සංස්කෘතිය, ශිෂ්ඨාචාරය ගොඩනැඟු ජාතියක් අද උපන් බිමේ අසරණව සිටින බව අපට රහසක් නොවේ. බලාපොරොත්තු කන්දක් අතට දී හිස මතින් බලය හිමි කරගලත් කිසිදු දේශපාලුවෙක් ආපසු හැරි දශමයකවත් සහනයක් ලබා දුන් බවක් මතකයට නැගේද ? ජාතින් අතර වෛරය වපුරා දේශය භේද බින්න කරවනවා හැර ඔවුන් කළ සේවයක් නොමැත.

කවදත් බලලෝභි දේශපාලනය පිළිකුල් කරමින් දේශයේ ජයග්‍රහණය උදෙසා කැපවුණ රතන හිමියන් දැයට ලබාදුන් ජයග්‍රහණ බොහෝය. තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කරලීමේ මුල් පියවර තැබෙනුයේද උන්වහන්සේගේ පා සටහන් මත වීම අමතක නොකළ යුතු සත්‍යයකි. උන්වහන්සේ පාර්ලිමේන්තුව තුළ වැඩ සිටීම සුවහසක් ලාංකිකයන්ගේ හිතසුව පිණිස වන්නේමය.

රට එකම නීතියකට යටත් කොට සියළු ජාතීන්ට සාමයෙන් නිදහසේ ජිවිත්වීමට සුදුසු පරිසරයක් සකසා දීම උන්වහන්සේගේ මූලික පාරමාර්ථයකි. මද්‍රසා පාසල් නමින් හඳුන්වමින් අන්තවාදය පෝෂණය කරමින් රටේ සංහිදියාවට බාධා පමුණුවන පාසල් පද්ධතිය තහනම් කිරීමට මේ වනතෙක් කිසිදු දේශපාලන අධිකාරයක් පියවර ගෙන නොමැත. මෙම පාසල් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුවන බව බොහෝ අවස්ථාවල හෙළි වී තිබියදීත් සුළු ජාතින්ගේ මනාපය ලබා ගැනීම ගැන පමණක් සිතා බොහෝ පාලකයන් මෙවන් අවස්ථා නෑසුකන්ව සිටියි. 

මුස්ලිම් ජාතින්ට පමණක් විශේෂ වු කාති උසාවි, මුස්ලිම් විවාහ, දික්කසාද නීති අවලංගු කර සියලු පුරවැසියන් එකම නීතියකට යටත් කීරීම උන්වහන්සේගේ ප්‍රතිඥාවයි. මෙම ගෝත්‍රික නීති තුළ මුස්ලිම් කතුන් පවා අසාධාරණයට ලක්වන බව ලෝකයට නොරහසකි. බුදු දහමින් පෝෂණය වු රටක සියළු වැසියන්ට නිදහස හා සාධාරණය උදා කරලීමේ භික්ෂු වගකීම රතන හිමි දරාගෙන සිටි.

අරාබි ආධාර ඔස්සේ ගොඩනගන ලද හිස්බුල්ලා සරසවිය රජයට පවරා ගැනීමට කොපමණළ බලපෑම් සිදු කළද කිසිම රජයක් එම කාර්ය ගැන සිතීමට පවා බියක් දක්වයි. අන්තවාදයට උඩගෙඩි දෙමින් ත්‍රස්තවාදීන් බිහිකරලීම මෙහි මුලික අරමුණක් බව එයට දායක වූ මුස්ලිම් දේශපාලකයන්ගේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්ණ කිරීමේදි පැහැදිලිව දැක ගත හැක. මෙම ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන හමුදා තාක්ෂණික විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීම රතන හිමියන්ගේ අභිප්‍රායයි.

වෛද්‍ය සාෆිගේ  සිංහල දරැවන් සංහාරයෙන් දැයට අහිමිව ගිය දරැ සම්පත් ගණන විශාලය. එම මව්වරුන්ගේ කදුළු පිසදැමීමට කිසිවකුත් ඉදිරිපත් වුනාදැයි නැවත ආවර්ජනය කර ලබනු මැනවි. එම කඳුලු මතින් බලයට පත්වුවන් මිස අන් කිසිවකු දක්නට නොමැත. 

මෙම සිදුවීම අනාවරණය වූ මොහොතේ සිටම ක්‍රියාත්මක වුණ රතන හිමි එම මව්වරැන්ට විශාල ශක්තියක් වෙමින් අසාධාරණය වෙනුවෙන් නැඟි සිටීමට ඔවුන්ට දිරිය ලබාදුනි. නමුත් ඒ පිළිබඳ නිසි පරික්ෂණයක්වත් සිදුව නොමැති යුගයක, එම මව්වරුන්ට සාධාරණයක් ඉටු කොට දීම රතන හිමිගේ මැදිහත්වීමයි.

වස විසෙන් තොර රටක් ගොඩනැඟීමද රතන හිමි කලක් තිස්සේ දහදිය වගුරවන ව්‍යායාමයකි. අනන්ත නින්දා අපහාස මැද වුවද අභිත සිංහල භික්ෂු භුමිකාව මෙයයැයි කියාපාමින් උන්වහන්සේ දැයට ජයග්‍රහණ හිමිකර දීමට කැපවී සිටි. බහුජාතික සමාගම් සහ එහි ඉත්තන් ලෙස ක්‍රියත්මක වුණ දේශපාලකයන් අභිබවා යමින් උන්වහන්සේ දැයට වසවිස නොමැති හෙටක් උරුමකරදීමට වෙහෙස දරයි.

ටිකිරි කොටුව වගා සංග්‍රමය එහි දිගුවකි. රසායනික පොහොර භාවිතයෙන් මිදි කාබනික බෝග වගාවට නැඹුරු වීම තුල වඩා සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජාතියකි බිහිකරලීමඋන් වහන්සේගේ සම්මා වායාමය බවට පත්ව තිබේ.

පුනර්ජනනීය බලශක්තිය මගින් බලශක්ති ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට උන්වහන්සේ බලාපොරොත්තු වෙයි. ඒ තුළ බලශක්තිය කෙරෙහි වෙන්වන විශාල පිරිවැයක් ඉතුරුකොට ගැනීම අපේක්ෂා කරයි.

ජාතියට විශාල ජයග්‍රහණ අත්කර දීමට මූලිකත්වය ගත් රතන හිමි තව දුරටත් එම කාර්යෙහි නිරතවීමට පසුබට නොවේ. සෑම අතීරණාත්මක මොහොතකම දැයට නිසි මඟපෙන්වීම කරමින් පුරෝගාමි මෙහෙවරක නිරත වන රතනහිමියන් අදද එම වගකීම උරගන්වා පෙරමුණට පැමිණ තිබේ. 

රජුන් තනනවායැයි උදම් අනන අන්තවාදි දේශපාලන කල්ලි කණ්ඩායම් දුර්මුඛ කොට රජුන්තැනීමේ ඓතිහාසික වගකීම පරපු‍රෙන් හිමි පටිසෝතගාමි සඟ සලකුණක් ලෙස රතනහිමියන් ජයග්‍රහණය කරවීම දේශයම ලබන ජයග්‍රහණයක් බව නොකිව මනාය..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu