gossiplanka alexa පොලිස් වෙඩි තැබීමකින් මොර‍ටුව ලුනාව ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලිස් වෙඩි තැබීමකින් මොර‍ටුව ලුනාව ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක්

https://www.gossiplanka.com/2020/07/police-gun-fire-in-moratuwa.html
මොර‍ටුව ලුනාව පාලම අසලදී පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරෙමින් පොලීසියට පහරදීමට උත්සාහා කිරීමේ දී කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබූ බවයි වාර්තා වන්නේ.

අද අලුයම මුර සංචාරයක නිරත වූ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු ත්‍රී රථ දෙකක් පරීක්ෂා කිරීමට යාමේදී ගැ‍ටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ත්‍රී රෝදරථවල සිටි පුද්ගලයින් බීමත්ව සිට ඇති අතර ඔවුන් පොලිස් රාජකාරියට බාධාකරමින් හැසිරී තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එහිදි දී සිදු වූ බහින්බස් වීමක් දුර දිග යාමේ දී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.  ත්‍රී රෝද රථයක සිටි එක් පුද්ගලයෙකු පොලිස් රථයේ රියදුරාට සහ රථයට ගල් මුල් වලින් පහර දීමක් ද සිදු කර ඇති බව සඳහන්.

පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත්තේ අවුරුදු 39ක් වූ සිවු දරු පියෙක්. ඔහු ධීවර කටයුතු වල නිරත පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. ඔවුන් ධීවර කටයුතු සඳහා යමින් සිටියදී මෙම සිද්ධිය සිදුව තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහාය ද ඇතුව මේ වන විට ප්‍රදේශයේ කලහකාරී තත්ත්වය පාලනය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu