gossiplanka alexa කන්දකාඩු උපදේශකවරයාගේ දරුවන් දෙදෙනාටත් කොරෝනා, පාසැල් සිසුන් 70ක් නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කන්දකාඩු උපදේශකවරයාගේ දරුවන් දෙදෙනාටත් කොරෝනා, පාසැල් සිසුන් 70ක් නිරෝධායනයට

න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් ලෙස සේවයේ නියුතු තවත් නිලධාරීන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.


එක් උපදේශකවරයෙකුගේ දරුවන් දෙදෙනාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි  යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මෙම උපදේශකවරයා පසුගිය ජූලි 01 වන දින පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති අතර 02වෙනිදා අනුරාධපුර තිසා වැව පිහිටි සිය කඳවුර වෙත ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

නමුත් ඔහු එම කඳවුර වෙත ඇතුල් නොවී ඇත්තේ ඔහුගේ ඥාතියෙකුගේ අවමංගල උත්සවයක් ආරංචි වීම නිසා. ඔහු රාජාංගනය යාය 03 පිහිටි අවමංගල උත්සවය සඳහා ද සහභාගී වී තිබෙන බව සඳහන්.

මෙම උපදේශකවරයා සහභාගී වූ අවමංගල උත්සවයේ සහ දානය වෙනුවෙන් සහභාගී වූ 230 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.  වෛරසය ආසාදිත ඔහුගේ දරුවන් අවුරුඩු 11 සහ අවුරුදු එක හමාර වයසෙහි පසුවනවා.

මෙම අවුරුදු 11 වයසැති දරුවා පසුගිය ජූලි 04, 05, 06 දින වල පාසැල් ගොස් ඇති අතර ඔහුගේ පංතියේ සිටින සිසුන් සහ තවත් සිසුන් 70 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනට යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu