gossiplanka alexa ගාල්ල හබරාදුවෙන් කොරෝනා රෝගියෙක්, පාසැල් ගුරුවරියක් වූ බිරිඳ නිසා ගුරුවරුන් සහ ළමුන්ද නිරෝධායනයේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගාල්ල හබරාදුවෙන් කොරෝනා රෝගියෙක්, පාසැල් ගුරුවරියක් වූ බිරිඳ නිසා ගුරුවරුන් සහ ළමුන්ද නිරෝධායනයේ

https://www.gossiplanka.com/2020/07/galle-habaraduwa-corona.html
ගාල්ල හබරාදුව ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙකු සොයාගෙන තිබෙනවා. ඔහු ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උඅප්දේශකවරයෙක්. ඔහු කොරෝනා ආසාදිතයෙක් යැයි තහවුරු වීමත් සමඟ ඔහුව IDH රෝහල වෙත යැවීමට පියවර ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කර සිටිනවා. 35 හැවිරිදි මෙම උපදේශකවරයා තම මව සහ බිරිඳ සමඟ නිවසේ ජීවත්ව ඇති බවත් ඔවුන් ද මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් වාර්තා වනවා.

එම උපදේශකවරයාගේ බිරිඳ  ගෝනාපිනුවල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් වන අතර ඇය ද පාසැල් රාජකාරි සඳහා දින දෙකක් පාසැල් ගොස් තිබෙනවා. මේ හේතුව නිසා ඇයගේ සමීපතම ආශ්‍රිතයින් වූ ගුරුවරුන් සහ ළමුන් 25 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර ඇයගේ වාර්තාව නුදුරු දිනයේ දී ලැබෙනු ඇති.

එසේම එම උපදේශකවරයාගේ නිවසට යාබද නිවෙස්වල පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර පුත්තලම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත යැයි සැක පුද්ගලයින් හමු වීමත් සමඟම එම ප්‍රදේශයේ ද නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි නාත්තන්ඩිය, ආරච්චිකට්ටුව සහ පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාෂය තුලින් මෙම සැක කටයුතු රෝගීන් වාර්තා වී තිබෙනවා.

මෙම රෝගීන් පීසීආර් පරීක්ෂණ වලට යොමු කර ඇති අතර ඔවුන්ගෙන් කොට්ටාරමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා පමණක් කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබෙනවා.

මෙම රෝගීන් ආශ්‍රිතව තවත් පුද්ගලයින් 50 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර තවත් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu