gossiplanka alexa පාසැල් විවෘත කිරීම කල් යයි, විභාග පැවැත්වෙන දිනයන් පසුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් විවෘත කිරීම කල් යයි, විභාග පැවැත්වෙන දිනයන් පසුවට

https://www.gossiplanka.com/2020/07/open-school-postponed.html
ව කොරොනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව සැලකිල්ලට ගනිමින් පාසැල් නැවත විවෘත කිරීම සතියකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 27 වනදා නැවත පාසැල් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එසේ පාසැල් ආරම්භ කිරීමෙන් පසුව පාසැලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 වැනි ශ්‍රේණිවල සිසු සිසුවියන් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රකාශ කරනවා.

එළඹෙන අගෝස්තු 10 වනදා සිට අනෙකුත් ශ්‍රේණි විවෘත කරන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ ලැබී ඇත්තේ.

කෙසේ වෙතත් රාජාංගණය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශ තුළ පිහිටි කිසිඳු පාසැලක් මොනම ශ්‍රේණියක් සඳහා හෝ අගෝස්තු මස 10 වැනි දිනට ප්‍රථම ආරම්භ නොකරන ලෙසයි අදාළ බලධාරීන්ට දන්වා ඇත්තේ. එසේම උසස්පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයන් ලබන සඳුදා (20) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu