gossiplanka alexa මීගමුවේ මල් කැකුලක් තලා දමා ඝාතනය කල නරුම ඝාතකයා කො‍ටුවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මීගමුවේ මල් කැකුලක් තලා දමා ඝාතනය කල නරුම ඝාතකයා කො‍ටුවේ

https://www.gossiplanka.com/2020/07/girl-rape-accuse-arrest.html
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුලදී අවුරුද්දයි මාස 4ක දැරියක් දූෂණය කර ඝාතනයට ලක් වූ පුවතක් වාර්තා වුණා.

මෙම දැරිය බරපතල ලෙස දූෂණය කර පහර දී ඝාතනය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම හෝටලයේ වැසිකිළි කාමරයක් තුළ මෙම දැරිය මෙසේ ඝාතනයට ලක්ව තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 22ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. මොහු කුලී කම්කරු රැකියාවේ නිරතවන එක්දරු පියෙක් බව පොලීස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

සැකකාර තරුණයා ඉකුත් 13 වැනි දින රාත්‍රී 8ට පමණ දැරියව ‍රැගෙන දිය නෑම සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ඉන්පසු මෙම සැකකරු නැවත රාත්‍රී 9.10ට පමණ දැරියව උරහිසේ තබාගෙන නිවසට පැමිණ තිබෙනවා. එහිදී දැරියගේ දෑස් නිලංකාර වී උඩටනෙරා ගෙන ගොස් තිබීම හේතුවෙන් ඇයව වහාම මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙන බව සඳහන්.

එහිදී වෛද්‍යවරුන්ගේ පරීක්ෂා කිරීමේ දී දැරිය ඒ වන විටත් මියගොස් ඇති බව අනාවරණය වීමත් සමඟම එම මරණය සැකකටයුතු මරණයක් ලෙස සලකා පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන ලෙස මීගමුව පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව සැකකාර තරුණයා ඊයේ (16) දිනයේ දී අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu