gossiplanka alexa විදෙස්ගත ශ්‍රමිකයින්ගේ බැංකුවල ඇති මුදල්, වංචාවෙන් සොරා ගැනීමේ ජාවාරමක සුල මුල හෙළි වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ බැංකුවල ඇති මුදල්, වංචාවෙන් සොරා ගැනීමේ ජාවාරමක සුල මුල හෙළි වේ

https://www.gossiplanka.com/2020/07/foreign-workers-money-racket.html
විදෙස්ගත ශ්‍රමිකයින්ට සහනදායී පොලී අනුපාතයක් ඔස්සේ ණය මුදල් ලබා දීමේ ජාවාරමක නිරත වෙමින් එම ශ්‍රමිකයින්ගේ බැංකු ගිණුම්වලින් මුදල් සොරාගත් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

තමාගේ බැංකු ගිණුමේ මුදල් වංචාවක් සිදු වී ඇති බව කිරුළපන පොලිසීයට කාන්තාවක් විසින් සිදු කල පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ වී තිබෙනවා. එහිදී සැකකරුවන් 05 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ජාවාරම්කරුවන් අන්තර් ජාලය ඔස්සේ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙමින් විදෙස්ගත ශ්‍රමිකයන් හා සම්බන්ධ වී තිබෙනවා. ඉන්පසු ඔවුන්ගේ දුරකතන අංකවලට දැනුම් දී තිබෙන්නේ මෙරට පවතින ඔවුන්ගේ ගිණුම්වල තොරතුරු ලබා දෙන ලෙසයි. එසේ තොරතුරු ලබා දුන් පසු මෙම ජාවාරම්කරුවන් එක් ගිණුමකින් ලක්ෂ 05 බැගීන් වංචාසහගතව ලබාගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වන්නේ. 

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකරුවන් සතුව තිබූ ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 61ක්, ජාත්‍යාන්තර රියදුරු බලපත්‍ර 05ක්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා ලැමිනෙටින් යන්ත්‍රයක්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා කාඩ්පත් 925ක්, ව්‍යාජ රබර් මුද්‍රා 02ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් පිටබැද්දර, නාරාහේන්පිට හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි  අවුරුදු 30, 39, 38, 46 වයස් කාණ්ඩවල පසුවන අය බවයි අනාවරණය වී තිබෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu