gossiplanka alexa රටට හිතැති ඔබ හිත ඇති දැයට කරුණාවක් වූ රාජකරුණා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටට හිතැති ඔබ හිත ඇති දැයට කරුණාවක් වූ රාජකරුණා

https://www.gossiplanka.com/2020/07/harshana-rajakaruna-feature-article.html
පට රටට ඕන කරන ජන නායකයෙක්  බිහිකිරීම කොතරම් අපහසු කාරණාවක්ද? එය ජනතාව මත  රඳා පවතින කාර්යයක්.  තමන්ට සේවය  කරන්නට  නිසි පුද්ගලයා තෝරා ගන්නට ලැබී තිබෙන අවස්ථාවේ  ඒ සඳහා  සුදුසුම කෙනෙක් තෝරා පත්කර ගන්නට  ජනතාව දූරදර්ශී විය යුතුය.

දැනුමින් පොහොසත්  දේශපාලන ඉතිහාසයක් ඇති මනා පෞර්ෂයකින් හෙබි ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ  අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවිය.  බ්‍රිතාන්‍යයේ නොටිංහැම් විශ්ව  විද්‍යාලයේ කළමනාකරණ උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව පශ්චාත් කළමනාකරණ උපාධිය ලබා ගැනීම සඳහා ඔහු ඇතුළත් වූයේ බ්‍රිතාන්‍යයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයටය. උසස් අධ්‍යාපනය නිමාකිරීමෙන් පසු හෙතෙම තම වෘත්තීය ජීවිතය ආරම්භ  කරන්නේ ජෝන් කීල්ස් සමාගමේ ජ්‍යේෂ්ඨ ආයෝජන උපදේශක ලෙසයි.

කාලයාගේ ඇවෑමෙන් තම පියා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සහා , කැබිනට් අමාත්‍යවරයෙකු වූ දිවංගත සරත්චන්ද්‍ර රාජකරුණාගේ  අඩිපාරේ යමින් ක්‍රියාකාරි දේශපාලනයට පිවිසි හර්ෂණ රාජකරුණා නම් වූ ඔහු, තම දැනුම  සහ හැකියාව උපයෝගි කරගනිමින් දක්ෂ දේශපාලකයෙකු විය. ඒ ගමන  නැවුම් ගමනකි.  ප්‍රථම  දේශපාලන ජයග්‍රහනය ලෙස 2009 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයෙන්  ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවෙනියා බවට පත්වෙමින් ඔහු  පළාත් සභාවට පිවිසීය.

ඒ ආරම්භය , දිගු ගමනක ආරම්භය විය.  පළාත් සභාවේ තම දේශපාලන භූමිකාව තුළ වසර පහක කාළයක් කළ සේවාවන් නිසා නැවතත් 2014 වසරේ පළාත් සභා මැතිවරණයෙන් වැඩිම මනාප ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛයා විය . අනතුරුව 2015 වසරේ  පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් නවක මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට යාමට අවස්ථාව , ජන වරම  ලබා දුන්නේ ඔබයි.

තම ක්‍රියාකාරි සාර්ථක දේශපාලන ගමන තුළ විවිධ වගකීම් , අවස්ථාවන් ඔහුට උදාවන්නට විය.  සංචාරක සහා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී,  පාර්ලිමේන්තුවේ ආර්ථික කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති , පාර්ලිමේන්තුවේ තරුණ , ක්‍රීඩා , කලා, සංස්කෘතික කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ  කමිටුවේ සභාපති, පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සමාජික, ගම්පහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ  කමිටුවේ සම සභාපති,  දොම්පේ  ප්‍රාදේශීය සම්බන්ධීකරණ  කමිටුවේ සම සභාපති ලෙස විවිධ ක්ෂේත්‍රයන්හි කටයුතු කරන්නට විය.

එපමණක් නොව ජනතාව සමඟ සමීප සබඳතා පවත්වමින්  ජන පැතුම් ඉටුකරන්නට ඔහු නිරන්තර වෙහෙස විය .  සියලු ආගම් වලට සමව සලකන්නටද ඔහු අමතක නොකලේය. පොදු පහසුකම් නංවාලමින්, කෘෂි ආර්ථිකයටද අත්වැල් ලබා දුන්නා සේම , ස්වයං රැකියා සඳහාද අත්වැල් ලබාදෙමින් බිම් මට්ටමේ රැකියා බිහිකරන්නටද කටයුතු කළේය. රටට ව්‍යසනයක් වන අවස්ථාවලදී  පක්ෂ  පාට භේද නැතිව තම යුතුකම් ඉටු කරන්නට ඔහු නිර්ලෝභීව  ඉදිරිපත් විය. 

ඔබ නියෝජනය  කරන්නට , ඔබ වෙනුවෙන් වගවීමට පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඔහු වැනි උගත් බුද්ධිමත් තරුණ දේශපාලකයන් බව ඔබ දැනටමත් හොඳින්ම දන්නා කරුණකි.  ඉතින් ඔබට අවස්ථාව ලැබී ඇත . රටට හිතැති  ඔබ හිත ඇති දැයට කරුණාවක් වූ හර්ෂණ රාජකරුණාට නායකත්වය ලබාදිමට පාර කියන්නට හැක්කේ ඔබේ මනාපයට පමණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu