gossiplanka alexa මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ අවදානමක්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ අවදානමක්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය

https://www.gossiplanka.com/2020/07/weather-warning.html
හෙට (28) සවස් කාලයේ සිට නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් දක්නට හැකිවනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ.

ඒ අනුව බස්නාහිර, සබරගමු,දකුණු සහ මධ්‍යම පළාත්වලට වැසි ලැබෙනු ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එසේම වයඹ පළාතට ද වැසි ස්වල්පයක් ඇදහැලිය හැකි බවත් ඌව පළාතට සහ ත්‍රිකුණාමලය, මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ පෙන්වා දෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ  හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැ.කි.මි. 40 වේගයෙන් හමන තරමක තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රල ඉහළ යාම නිසා රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස වෙරළාසන්නයේ ජීවත්වන ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

තාවකාලික තද සුළං සහ අකුණු වලින් සිදුවන අනතුරු අවමකර ගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu