gossiplanka alexa අමෙරිකාවට, ඉන්දියාවට අසාධ්‍යයි, අමෙරිකාව නැවතත් වසා දමන ලෙස ඉල්ලීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමෙරිකාවට, ඉන්දියාවට අසාධ්‍යයි, අමෙරිකාව නැවතත් වසා දමන ලෙස ඉල්ලීම්

https://www.gossiplanka.com/2020/07/america-india-corona.html
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (27) උදෑසන වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ ලොවකොවිඩ් -19 ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 647,846ක් බවයි. එසේම ලොව පුරා එම වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව 16,196,314ක් බවයි ඔවුන් පෙන්වා දී තිබෙන්නේ. ඉන් සම්පූර්ණසුවය ලබාඇති සංඛ්‍යාව 9,344,883ක්.

කොවිඩ් - 19 වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇති අමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ වන විට සිදු වී ඇති මරණ සංඛ්‍යාව 146,000 ඉක්මවා ගියා. දිනකට පුද්ගලයින් 1000කට වැඩි පිරිසක් මිය යාමත් සමඟම එරට විශේෂඥයින් රජයෙන් ඉල්ලා සිටින්නේ යළිත් රට වසාදමන ලෙසයි. නොවැම්බර් 01 වනදා වන විට අමෙරිකානුජීවිත 200,000ට වඩා අහිමි වීමේ අවදානමක් ඇති බව විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. ආර්ථිකය නැවත වසා දැමිය යුතුද, ළමුන් පාසැල් යැවිය යුතුද යනාදී ගැටළු රාශියක් මැද රට වසා දැමීමේ තීරණය පිළිබඳ විවාද ප්‍රධාන තැනක් ගෙන ඇති බව වාර්තා වනවා.

මේ අතර ඔස්ට්‍රේලියාවේ වික්ටෝටියා ප්‍රාන්තයට ද කොවිඩ් -19 වෛරසයෙන් සිදුවන බලපෑම වැඩි වී තිබෙනවා. මේ වන විට සිදුවූ මරණ සංඛ්‍යාව 10ක්. එම ප්‍රදේශයෙන් ආසාදිතයින් 532ක් සොයා ගෙන තිබෙනවා.  ඕස්ට්‍රේලියාවේ සමස්ථ කොවිඩ් - 19 වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 161ක් වන අතර ආසාදිතයින් ගණන 14,935ක් ලෙසයි වාර්තා වන්නේ.

කොවිඩ් -19 වෛරසයෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති ඉන්දියාවද ඉතා අසීරු තත්ත්වයක පසුවනවා. මේ වනවිටැරටින් මරණ 32,063 ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව 1,385,685ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඊද් අල්-අදාහ් ඉස්ලාම් ආගමික උත්සව සමය ආරම්භ වීමත් සමඟම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ඉහළ යා හැකි බැවින් සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් අනුවම කටයුතු කරන ලෙස ඉරාන ජනාධිපති හස්සන් රොයුහානි එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉරානයේ මේ වන විට කොවිඩ් -19 වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 15,700ක් වන අතර වාර්තා වූ ආසාදිතයින් ගණන 291,172ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu