gossiplanka alexa ශ්‍රී ලංකාව නවමු මාවතකට ගෙන යන්නට ජනතා හිතෛශී උගත් දේශපාලන නායකත්වයක් - අජන්තා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව නවමු මාවතකට ගෙන යන්නට ජනතා හිතෛශී උගත් දේශපාලන නායකත්වයක් - අජන්තා

https://www.gossiplanka.com/2020/07/ajantha-perera-feature-ariticle.html
තොටිල්ල පදවන අත ලොව  රජකරවයි යන්න ඔබ අප අසා ඇති  කතාවකි. එය බොහෝ තැන්වල විවිධ ලෙස ගලපාගත්තද,  ඇයට රට කරවන්නට අවස්ථාවක් ලබා දීමට හැක්කේ ඔබටම පමණි. පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩිකළ යුතුයි යන්න බොහෝ දෙනාගේ මතයක්. නමුත් ඔබ තෝරා පත් කරගන්නා වූ ජනතා නියෝජිතයන්   අතර  නියෝජිතවරියක් සිටීද යන්න සොයා බැලිය යුත්තේ ඔබයි.
 
ඒ සඳහා මෙවර ඔබට ලොකු අවස්ථාවක් ලැබී ඇත.  ඒ ඇගේ ආගමනයයි . ඇය ආචාර්‍ය  අජන්තා පෙරේරා  යි. වෙනස් කාන්තාවක්.  ලැබෙන තීරණය කුමක් වුවද  අභියෝගයන්ට නොබියව මුහුණදීමේ හැකියාවක්  ඇය සතුයි. එය   පසුගිය ජනාධිපතිවරණයේදි  පසක් වන්නට ඇත. ලංකා දේශපාලන ඉතිහාසයේ  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියගෙන් පසු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ කාන්තා නියෝජිතවරිය ඇයයි. දේශපාලන තීන්දු තීරණ මත පීඩාවට පත්වන ඔබ වෙනුවෙන් ඇය පිළිතුරු ලබාදෙනු ඇත.

එංගලන්තයේ වැඩි කාලයක් ජීවත් වූ ඇය , ජර්මනියේ මියුනිච්  විශ්වවිද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියක් ලබා ඇති අතර , එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදි උපාධිධාරිනියක්.  ජෛව රසායන විද්‍යාව, කායික විද්‍යාව, සත්ව විද්‍යාව, පාරිසරික අධ්‍යන පිළිබඳ කථිකාචාර්යවරියක් වශයෙන් දෙස් විදෙස් විශ්ව විද්‍යාල කිහිපයක කටයුතු කළ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය, ලංකාවේ පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල නියාමන කමිටුවේ ද සෞඛ්‍ය ඇමතිවරයාගේ සහ පරිසර අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේම උපදේශිකාවක් ලෙස කටයුතු කර තිබේ.

එසේම ධීවර අමාත්‍යාංශයේ නිවාස අධ්‍යක්ෂකවරිය ලෙසද කටයුතු කර තිබෙනවා පමණක්ම නොව  ශ්‍රීලංකාව මුහුණ පා ඇති කසළ ගැටලුවටද ඇය නිරන්තර පිළිතුරු සොයමින් සිටී. ඒ සඳහා ඇයට දැනුමක් ඇත. ඇය ලබා ගත් දැනුම තුළින්  ජනතාවට උපරිම  සේවාවක් ලබා දෙන්නට ඇය කටයුතු කරමින් සිටී.

දේශපාලන ක්‍රියාකාරිනියක් ,  සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ඇය පෙරමුණ  ගනිමින් ජනතාව පෙලගස්වන්නට විය.

ගැහැණියකට කුමක්ද කළ හැක්කේ යන ගැටලුව නොව  , ගැහැණියට කළ නොහැක්කේ කුමක්ද යන්න ඇය පැහැදිලි කරමින් සිටී.
 
මේ ඇය වැනි වූ දක්ෂ කාන්තාවන්ට අවස්ථාවක් ලබාදීමට ඔබට ලැබී ඇති අවස්ථාවක්. උගත් බුද්ධිමත් ඇය වෙනුවෙන් , නොකිළිටි දේශපාලන ගමන වෙනුවෙන් ,  රටේ සුන්දර අනාගතය  වෙනුවෙන් ඇයට අපි ඉඩක් වෙන් කරමු. ඔබේ මනාපය ඇය වෙනුවෙන් ලබා දෙමු.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu