gossiplanka alexa ජරාජීර්ණ ශ්‍රී ලාංකීය දේශපාලනයට තිත තබන පරමාදර්ශී ගුරු තරුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජරාජීර්ණ ශ්‍රී ලාංකීය දේශපාලනයට තිත තබන පරමාදර්ශී ගුරු තරුව

රාජීර්ණ ශ්‍රී ලංකීය දේශපාලන ක්‍රමය දිනෙන් දින රට රැගෙන යන්නෙ අගාධයකටය. ජනතාහිතවාදි නොවන පාලකයන්, තම සුඛවිහරණය ගැන මිස දේශයෙ උන්නතිය ගැන අබමල් රේණුවක අවධානයක් යොමුකරන වගක් පෙනෙන්නට නොමැත. ජනතාව තුළ දේශපාලකයන් කෙරෙහි පවතිනුයේ ඝෘණාත්මක ආකල්පයන්ය. 

සැබෑ ජනහිතවාදි පාලකයන් බලයට පත්කරගැනීමට ජනතාව තුළ උනන්දුවක් ඇතිව තිබේ. දේශයේ හද ගැස්ම හොඳින් හඳුනන, දුෂණයෙන් වංචාවෙන් තොර සැබෑ පරමාදර්ශි නායකයන් විරලය.

ධනවර්ධන ගුරුගේ වැනි පරිණත මිනිසුන්ගෙ දේශපාලන ආගමනය දේශයට ආශිරිවාදයක් වනුයේ එවන් පසුබිමකය. ඔහු සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයෙන් දේපළ කළමනකරණ අධ්‍යපන උපාධියක් ලබා ඇති අතර. එංගලන්ත, ඇමෙරිකා විශ්වවිද්‍යල වල ආචාර්ය උපාධිදාරියෙකි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ නිකාය ආරක්ෂක සභාවේ මහ භාණ්ඩාගාරික ලෙසද, උතුරු කොළඹ ශික්ෂණ මහ රෝහලේ රෝහල් කමිටු සභාපතිවරයා ලෙසද, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත්කරන ලද වැඩිහිටි මණ්ඩලයේ හිටපු විනිසුරුවෙකු ලෙසද, කඳාන ආනියකන්ද දිසා රෝහලේ රෝහල් කමිටු සභාපතිවරයා ලෙසද, ලෝක මනුෂ්‍යත්ව පදනමේ සභාපතිවරයා ලෙසද ඔහු, විශාල සමාජ සත්කාරයක නිරත වේ. සිය සාධාරණ ව්‍යාපාරයන් ඔස්සේ උපයන ධනයෙන් සමාජ සේවයෙහි යෙදෙන ඔහුට දේශපාලනය යනු සමාජ සේවයක්ම මිස ආදයම් මාර්ගයක් නොවන බව පැහැදිලිය.

ඔහු සිය සමාජ සත්කාර තුළ, පන්සල් වෙහෙර විහාර සංවර්ධනය, දහම්පාසල් ගොඩනැඟිලි තැනීම, පාසල්ප තුළ බුදු මැදුරු සහ ශාලාවල් තැනීම, ජාති ආගම් භේද නොසලකා සියළු ආගම් වලට උදව් ලබාදීම, රණවිරුවන්ට නිවාස හා ඉඩම් ලබාදීම, කලාකරුවන්ට සිය ධනයෙන් විශ්‍රාම වැටුපක් ලබාදීම, දිළිඳු පවුල්වලට අනුග්‍රහය දැක්වීම, යතුරුපැදි හා ත්‍රීරෝද ලබාදීම, ආබාධිතයන්ට සහ ආබාධිත රණවිරුවන්ට රෝද පුටු හා ආධාරක ලබාදීම, තරුණ ව්‍යාපාරිකයන් පුහුණු කිරීම සහ ඔවුනට අවශ්‍ය ආධාර ලබා දීම ගුරුගේ නම් සමාජ සේවකයාගෙ සේවයෙන් බිඳකි. ඔහු ජනතාවරම් අපේක්ෂා කරනුයේ එම සේවාවන් තව දුරටත් පූළුල්කර වැඩි සහන ප්‍රමාණයක් ජනතාව වෙත ලබා දීමටයි.

නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති මත දේශය නාගාසිටුවිමේ සැලසුම් ඔහු සතුය. ණය බරෙන් පීඩිත දේශයක ජනතාව හෙලන සුසුම හඳුනාගත හැක්කේ මහපොළවට සමීප නායකයෙකුට පමණි. ආදර්ශමත් විනය ගරුක සමාජයක් බිහි කිරීමට කැපවීම ඔහුගේ අරමුණ වේ. ආගමික හා ජාතිවාදි ව්‍යාධින්ගෙන් ගිලන්ව සිටින දේශයට සිංහිදියාවෙ ඖෂධ ගැල්වීම ඔහුගෙ අපේක්ෂාව වී ඇත. දැනට ජාත්‍යන්තරයේ ලංකාව කෙරෙහි පවතින කළු පැල්ලම් සහිත පරිච්ඡේදයන් මකා දමා ලංකාව සාමයෙ දේශයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණ ඔහු සතුය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයන්හි දියුණුව කෙරෙහි ගතයුතු ක්‍රියාමාර්ග සහ සහාය ලබාදීම තුළ දේශිය නිෂ්පාදන ඉහළ දැමීමට ඔහු බලාපොරොත්තු වේ. අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහනය ආදි සේවාවන්හි ගුණාත්මක වර්ධනයනයක් සිදු කිරීමට දායක වීම ධනවර්ධන ගුරුගේගෙ දේශපාලනයෙ අභිමතාර්ථයි.

ජනතා හදගැස්ම හොඳින් හඳුනගත් නායකයකු ලෙස ඔහුගෙ දේශපාලනය රටට ඉතා වැදගත්ය. දැයට ජයග්‍රහන රැසක් හිමිකරදුන් එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින ධනවර්ධන ගුරුගේ ගේ දේශපාලන සමිප්‍රාප්තිය රටට දැයට හිතැති එකක් වන බවට නොඅනුමානය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu