gossiplanka alexa පිරිසිදු දේශපාලනයකට අභීත බුද්ධිමත් කාන්තා නියෝජනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිරිසිදු දේශපාලනයකට අභීත බුද්ධිමත් කාන්තා නියෝජනයක්


ශ්‍රී ලාංකීය දේශපාලනයේ එක්තරා සන්ධිස්ථානයකට අප පැමිණ සිටිමු. වෙන කවරදාකටත් වඩා මෙරට ජනතාව සුදුසු පාලකයන් පත්කර ගැනීමෙහි කතිකාවක නිරත වෙමින් සිටී. මැතිවරණ සමයට ලබාදෙන පොරොන්දු, සහ සහන වලට නොරැවටි සැබෑ බුද්ධිමත් අවංක නායකයන් පත් කරගැනීමට සමාජය සුදානමින් සිටි. 

ඒ ඉතිහාසය පුරා රැවටීමට සුරා කැමට ලක්වෙමින් ලද ඉගෙනීම මතය. දේශයට ආදරය කරන සංවේදි මිනිසුන්ගේ ජයග්‍රහණය ජාතියේම ජයග්‍රහණයකි. ආචාර්ය අජන්තා පෙරේරාගේ දේශපාලන ආගමනය වැදගත් වන්නේ එවන් පසුබිමකය.


එංගලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයකුගේ දියණිය වන ඇය වසර 18 විදෙස්ගතව සිට 1993 ලංකාවට සපැමි‍ණෙයි. ජර්මනියේ මියුනිච් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ඇති ඇය එක්සත් රාජධානියේ ෂෙෆිල්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදි උපාධිධාරිනියකි. 

ජෛව රසායන විද්‍යාව, කායික විද්‍යාව, සත්ව විද්‍යාව, පාරිසරික අධ්‍යන පිළිබඳ කථිකාචාර්යවරියක් වශයෙන් දෙස් විදෙස් විශ්ව විද්‍යාල කිහිපයක කටයුතු කළ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය, ලංකාවේ පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල නියාමන කමිටුවේ ද සෞඛ්‍ය ඇමතිවරයාගේ සහ පරිසර අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේම උපදේශිකාවක් ලෙස කටයුතු කර තිබේ. එසේම ධීවර අමාත්‍යාංශයේ නිවාස අධ්‍යක්ෂකවරිය ලෙසද කටයුතු කළ ඇය, පරිසරවේදිනියක් ලෙසද තම දැනුම දේශයේ උන්නතිය උදෙසා ස්වේච්ඡාවෙන් කැප කරමින් මහත් සේවක් කළ කාන්තාවක් ලෙස ප්‍රචලිතය.

2011 වසරේදි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇය ජාත්‍යන්තර ධෛර්ය සම්පන්න කාන්තාව ලෙස නම් කර ඇත.  අශෝක සාමාජිකත්වය (2005) වැනි ජාත්‍යන්තර සම්මානයන්ට භාජනය වී ඇත.

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දැවැන්ත අර්බුදයක් වන කසල බැහැර කිරීම පිළිබඳ ගැටළුවට විසඳුම් සෙවීමට ඇය විශාල දායකත්වයක් සපයමින් සිටී. කසල ප්‍රතිචක්‍රීකරණය සඳහා “ප්‍රතිචක්‍රීකරණාය” යන වචනය හඳුන්වාදීම ඇය විසින් සිදුවිය. අපද්‍රව්‍ය සඳහා ප්‍රතිචක්‍රීකරණ කළමනාකරණ උපායමාර්ග සකසමින් ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ ගැටළුවට ඇයගේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කර ඇගේ කැපවීමට නිදසුන් සපයා ඇත. මීපේ ඩම්ප්සයිට් හී කසළ බැහැර කිරීම ට විරෝධතාවය දක්වා පාගමනක් සංවිධානය කිරීම එයට එක් නිදසුනකි. ඇය ජනතා වරමක් අපේක්ෂා කරනුයේ ඇයගේ සේවය සඳහා වන නිම්වළලු ප්‍රසාරණය කර ගැනීම උදෙසාය.

ජාති ආගම් භේදවලින් ඔද්දල්වී ඇති ශ්‍රී ලංකීය සමාජ දේහයට ආදරය කරුණාව පොම්ප කිරීමට අවශ්‍ය තෙතැති හදවතක් ඇය සතුය. ස්වභාවයෙන්ම කාන්තාවන්ට ආවේනික එම ගුණාංග දේශපාලන ක්ෂේත්‍රය තුළ දුලබ වී ඇත්තේ කාන්තා නියෝජනය අවම වීම නිසාමය. ඇය අභීත කාන්තා පෞරුෂයකින් යුක්තය. නායකත්වයේ අප්‍රතිහත ධෛර්ය ඇය ක්‍රියාවෙන් ලාංකීය ජනතාව ඉදිරියේ ඔප්පුකර අවසන්ය. පසුගිය ජනපතිවරණයෙ එකම කාන්තා නියෝජනය වන්නේද ඇයයි. ලංකා සමාජවාදී පක්ෂය ඒ සඳහා ඇයට ඇරයුම් කරයි. 

චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනියගෙන් අනතුරුව අවුරුදු 20කට පසු ජනාධිපතිවරණය සඳහා පළමු වරට කාන්තාවක් ජනපති සටන සඳහා ඉදිරිපත් වූ අවස්ථාව එයයි. එම මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් අතර ඇය හත්වෙනි ස්ථානය ලෙස ඡන්ද ලබා ගත් අතර දිස්ත්‍රික් 04ක දී හතරවන ස්ථානය දිනාගැනීමට ඇය සමත් වූවාය.

දේශපාලනය පමණක් නොව සියළුම ක්ෂේත්‍රයන්හි කාන්තා නියෝජනය වැඩිකර කාන්තාවන්ගේ සමාජ තත්ත්වය ඉහළ නැංවීම ඇයගේ අභිප්‍රාය වේ.

කවදත් රටේ ජනතාවගේ සිතුම් පැතුම් හොඳින් හඳුනාගත් අජන්තා පෙරේරා නිරන්තරයෙන් ජනතාවගෙ යහපත උදෙසා වන කටයුතු කෙරෙහි දායකත්වය උපරිමයෙන්ම සපයා දී තිබේ. පවුල් පාලනය, දුෂණය, වංචාව, භිෂණය, සූරා කෑමට තිත තබා විනය ගරුක සුචරිතවාදී දේශපාලනයක් ඇය අපේක්ෂා කරන්නීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu