gossiplanka alexa ''ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දමා තිබේ'' - හැමෝටම තේරුම් යන අර්ථකතනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දමා තිබේ'' - හැමෝටම තේරුම් යන අර්ථකතනයක්

https://www.gossiplanka.com/2020/06/srr-rate-decrease.html
මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio) 2% කින් පහළ දමා තිබේ.

ඕවා රොකට් සයන්ස් නෙමෙයි.සරලව මෙහෙමයි.දැන් බං අපි බැංකුවක සල්ලි ඉතුරු කරන කොට බැංකුව ඒ සල්ලි හැමදාම සේප්පුවෙ දාගෙන ඉන්නෙ නෑනෙ.බැංකුව ඒ සල්ලි තව කාට හරි ණයට දෙනවා.ඕක හැමෝම දන්නවනෙ.

හැබැයි අපි තැන්පත් කරන සල්ලි ඔක්කොම වෙන කාට හරි ණයට දෙන්න බැංකුවට තහනම්.උදාහරණයක් විදියට මහ බැංකුව අනිකුත් බැංකු වලට කියනවා තමන්ට ලැබෙන හැම තැන්පතුවකින්ම 10% ක් ළඟ තියාගන්න ඉතුරු ටික ණයට දෙන්න කියලා.අන්න ඒ 10% ට තමයි මචංලා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SSR) කියලා බර වචනයක් දාලා තියෙන්නේ.

උඹ රුපියල් ලක්ෂයක් බැංකුවට දැම්මොත් SSR එක 10% යි නම් බැංකුවට සිද්ධ වෙනවා රු.10,000 ක් බැංකුවේ තියා ගන්න.ඉතුරු රු.90,000 බැංකුව කැමති විදියට වෙන කාට හරි ණයට දෙන්න පුළුවන්.

ඔය විදියට යම් මුදල් ප්‍රමාණයක් බැංකුවේ තියාගත්තෙ නැත්නම් බැංකු කවුන්ටරෙන් ATM මැෂින් වලින් සල්ලි withdraw කරන උන්ට ගෙවන්න සල්ලි නැති වෙනවනෙ බං.

දැන් එතකොට මහ බැංකුව ඔය ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කළොත් මොකෝ වෙන්නෙ? එතකොට බැංකු වලට පුළුවන් වැඩිපුර ණය දෙන්න.ඒ කොහොමද?

අර උඩින් කියපු උදාහරණෙම ගත්තොත්,

උඹ රුපියල් ලක්ෂයක් බැංකුවට දැම්මොත් SSR එක 10% යි නම් බැංකුවට සිද්ධ වෙනවා රු.10,000 ක් බැංකුවේ තියා ගන්න.ඉතුරු රු.90,000 බැංකුව කැමති විදියට වෙන කාට හරි ණයට දෙන්න පුළුවන් කියලනෙ උඩින් කිව්වෙ.දැන් SSR එක 5% ක් කළොත් එතකොට රුපියල් ලක්ෂයෙන් බැංකුව ඇතුළේ තියාගන්න ඕනේ රු.5,000 යිනෙ බං.ඉතුරු 95,000 ම ණයට දෙන්න පුළුවන්.අන්න බලහං කලින් රු.90,000 ක් ණය දුන්නු බැංකුව දැන් රු.95,000 ක් ණය දෙනවා.

ඉතිං දැන් ඔය මහ බැංකුව ආර්ථික විද්‍යාත්මක භාෂාවෙන් බැංකු වලට කියලා තියෙන්නේ වැඩි වැඩියෙන් ණය දීපල්ලා කියලා.ඔච්චරයි.

අන්තර්ජාලය ඇසුරිණි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu