gossiplanka alexa හමුදා සෙබළාට පොලිස් අත් අඩංගුවේ දී පහර දුන් නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හමුදා සෙබළාට පොලිස් අත් අඩංගුවේ දී පහර දුන් නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුව

https://www.gossiplanka.com/2020/06/highcourt-decision_17.html
නිසි නීතිමය තත්ත්වයන් යටතේ හමුදා සේවයෙන් ඉවත් වී ආයුර්වේද බෙහෙත් ශාලාවක කම්කරුවෙකු ලෙස 2013 වර්ෂයේ කටයුතු කරමින් සිටියදී පොලිස් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිරභාරයේ සිටිය දී සිදු වූ පොලිස් නිලධාරීන්ගේ පහරදීමක් සම්බන්ධයෙන් එම පුද්ගලයා මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබුණා. එක්තරා පුද්ගලයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව හේතුවක් නොදන්වාම හිටපු හමුදා සෙබළා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණා. ඔහුට එරෙහිව තිබූ චෝද්නාව වූයේ දුරකතනයක් සොරකම් කිරීමයි.

එසේ අත් අඩංගුවට ගෙන සිටින අවස්ථාවේ දී පොලීසිය විසින් තමන්ට පහර දුන් බව කියමින් එම පුද්ගලයා මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමේ නඩුව ගොනු කර තිබුණා. ඒ අනුව කුරුණෑගල හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි  දොන් සමන්ත පෙරේරා නැමැති මෙම හිටපු හමුදා සෙබළාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ සිද්ධියට අදාළව ඔහුට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් පිරිනැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

හෙට්ටිපොළ පොලිසියේ  හිටපු ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුමනසිරි  සහ එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසට කටයුතු කළ උප පොලිස් පරික්ෂක සුමනවීර යන අයගේ පුද්ගලික ධනයෙන් එක් අයෙකු රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් පෙත්සම්කාර හිටපු හමුදා සෙබලාට ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ඊඅම  වග උත්තරකරුවන් රජයේ නියෝජිතයන් ලෙසට කටයුතු කරමින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බැවින් ඔහුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් වෙනම ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළා.

පොලිස් නිලධාරීන් විසින් පහරදීම අධිකරන වෛද්‍ය වාර්තා අනුවද සනාථවන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ගනු ලැබුවා. එසේම අදාළ සිද්ධියට අනුව මෙම හමුදා සෙබළාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කිරීමට ද පොලීසිය අපොහොසත් වී ඇති බව අනාවරණය වුණා.

නඩු තීන්දුවෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල කමි‍ටුව විසින් අවධාරණය කළේ ශ්‍රී ලංකාව කෲර වදහිංසනයට එරෙහිව ජාත්‍යන්තර සම්මුතිවලට පවා අත්සන් කර තිබියදී පොලිස් භාරයේ සිටින සැකකරුවන්ට මෙලෙස හිංසනයට පත් වීමට සිදුවීම වැලැක්වීමට රජය ප්‍රායෝගික විසදුම් ගැන අවධානය යොමු කළ යුතු බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu