gossiplanka alexa ජනතාවට නිවැරදි පණිවිඩ ලබා දෙන්නැයි සෞඛ්‍ය අංශවලින් නායකයින්ගෙන් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනතාවට නිවැරදි පණිවිඩ ලබා දෙන්නැයි සෞඛ්‍ය අංශවලින් නායකයින්ගෙන් ඉල්ලීමක්

https://www.gossiplanka.com/2020/06/request-from-health-sector.html
ටෙහි නායකයින් සහ දේශපාලඥයින් ජනතාවට නිවැරදි පණිවුඩ ලබා නොදුනහොත් රටෙහි තත්ත්වය ඉතා භයානක විය හැකි බව  අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා කියා සිටිනවා. පසුගිය දිනක දේශපාලඥයෙක්ගේ අවමඟුල් උත්සවයක දී කටයුතු සිදු වූ ආකාරය ඉතාමත් වැරදි සහගත බව ඒ මහතා කියා සිටියා.

අද සිට සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කොළඹ, ගම්පහ ඇතුළු සියලූ දිස්ති‍්‍රක්ක අතර පොදු ප්‍රවාහනසේවා අද සිට ආරම්භ වූ අතර එම සේවා ක්‍රියාත්මක කිරීමේ දී මගී ජනතාව සෞඛ්‍ය උපදෙස් ඉතාමත් දැඩි ලෙස පිළිපැඳිය යුතු බව සෞඛ්‍ය අංශ පවසා සිටිනවා.

ලංගම බස් රථ ධාවනය දිවයිනේ සියළුම ප්‍රදේශවල අද සිට ආරම්භ වූ අතර පෞද්ගලික බස් රථවලින් 60%ක් මපණ අද දිනයේ ධාවනය වන බවයි ආරංචි මාර්ග පවසන්නේ. එසේම දුම්රිය කිහිපයක් හැර සෙසු දුම්රියන් ද අද සිට ධාවනය කරනු ලබනවා.

වැල්ලවත්ත සැවෝයි සිනමා හල අසල සිට කොල්ලූපිටිය ධර්මපාල මාවත, කොම්පඤ්ඤවීදිය, කුමාර් රත්නම් පාර සහ රීගල් වටරවුමේ සිට පිටකොටුව දක්වාත්, මොරටුව සිට රත්මලාන දක්වාත් පළමු අදියර යටතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ද අද සිට ක්‍රියාත්මක වනවා. ඒ උදෑසන 6.00 සිට 9.00 දක්වා කොළඹ දෙසටත් සවස 4.00 සිට 7.00 දක්වා කොළඹින් පිටතටත් ලෙසයි. අද සිට සති දෙකක් බස් ප්‍රමුඛතා මංතීරු පිළිබඳව රියදුරන් දැනුවත් කරන අතර, ලබන 22 වනදා සිට බස් ප්‍රමුඛතා මංතීරු නීති කඩකරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය පවසනවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu