gossiplanka alexa උතුරු-දකුණු කොරියා නැවතත් ගිනි ඇවිලෙන තත්ත්වයක, ලෝකයම අවධානයෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උතුරු-දකුණු කොරියා නැවතත් ගිනි ඇවිලෙන තත්ත්වයක, ලෝකයම අවධානයෙන්

https://www.gossiplanka.com/2020/06/north-and-south-korea-war-again.html
තුරු කොරියාව සහ දකුණු කොරියාව අතර නැවතත් ගැ‍ටුම් ඇති වීමට ආරම්භවී තිබෙනවා. 2017 වසරේ දකුණු කොරියාවේ ජනාධිපතිවරයා ලෙස පත් වූ Moon Jae-in උතුරු කොරියාව සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට කටයුතු කිරීමත් සමඟම දෙරට අතර ඇවිලෙමින් තිබුණු යුද්ධය නිවී ගියා. එහි ප්‍රතිපලයක් ලෙස 2018 වසරේ දී උතුරු සහ දකුණු කොරියා අතර සන්නිවේදන සබඳතා පවත්වා ගැනීම සඳහා 2018 වසරේ දී උතුරු සහ දකුණු කිරියා දේශසීමාවේ  ඒකාබද්ධ සන්නිවේදන කාර්යාලයක් පිහිටවූවා.

උතුරු කොරියාව විසින් පසුගිය 16 වන දින මෙම සන්නිවේදන කාර්යාලය පුපුරුවා හරිනු ලැබුවා. මේ හේතුවෙන් දෙරට අතර නැවතත් අසමඟියක් පැන නැගී ඇති අතර එය යුද්ධයකට පවා වර්ධනය විය හැකි බව විචාරකයින් පෙන්වා දෙනවා. උතුරු කොරියාව මෙසේ සන්නිවේදන කාර්යාලය පුපුරුවා හැරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ තම රජය විවේචනය කරමින් නොයෙක් පණිවිඩ බැලුම් හරහා දකුණු කොරියාව විසින් තම රටට එවන බවයි. කෙසේ වෙතත් මෙම ක්‍රියාව සිදු  කරන්නේ උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට පැමිණි කණ්ඩායමක් විසින් බව අනාවරණය වී තිබෙනවා.

විචාරකයින් පෙන්වා දෙන්නේ උතුරු කොරියාව මෙසේ දකුණු කොරියාව සමඟ ගැ‍ටුමකට සැරසෙන්නේ වෙනත් අභිලාෂයකින් බවයි. අමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් නතර කළ ලෙස බලකරමින් ආර්ථික සම්බාධක පනවා තිබෙනවා.  එම සම්බාධක නිසා සහ කොරෝනා වසංගතය නිසා උතුරු කොරියාවේ ආර්ථිකය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

උතුරු කොරියානු නායක කිම් ජොං උන්  සහ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පසුගිය දිනක සාකච්ඡා ද පැවැත්වුණා. එම සාකච්ඡා අතරතුර උතුරු කොරියානු නායකයා උත්සහා කළේ මෙම සම්බාධක කෙසේ හෝ ඉවත් කර ගැනීමටයි. නමුත් එම සාකච්ඡා ඔහු සිතූ අයුරින් සාර්ථක වුණේ නැහැ. දෙරට අතර සාකච්ඡා සඳහා මූලික වශයෙන් ක්‍රියා කළේ දකුණු කොරියා ජනාධිපතිවරයායි. දකුණු කොරියානු ජනාධිපතිවරයා හරහා ද මෙම සම්බාධක ඉවත් කර ගැනීමට  කිම් ජොං උන් උත්සාහ කළා.

එසේම සම්බාධක නොතකා තමන් සමඟ කටයුතු කරන ලෙස උතුරු කොරියානු නායකයා දකුණු කොරියාවෙන් ඉල්ලා සිටියා. මේ කිසිවකට දකුණු කොරියාවෙන් සාර්ථක ප්‍රතිචාර නොලැබුණු නිසා දකුණු කොරියාවට පීඩනයක් එල්ල කර ඔවුන් හරහා නැවත සාකච්ඡා මාර්ගයකට යාමට උතුරු කොරියානු නායකයා මෙසේ ගැ‍ටුම් ඇති කර ගැනීමට පෙළඹෙන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. දකුණු කොරියාව වෙත පීඩනයක් එල්ලවුවහොත් දකුණු කොරියාව ඔවුන්ගේ දිගුකාලීන මිතුරකු වන ඇමෙරිකාව නැවතත් සාකච්ඡා මේසයට ගෙන ඒමට පෙලඹෙනු  ඇති බවට ඔවුන් සිතනවා විය හැකියි.

මෙම පීඩනය තවත් ඉහළ දැමීම සඳහා උතුරු කොරියාවෙන් අනතුරු අඟවමින් කියා තිබෙන්නේ දේශසීමා සඳහා තම හමුදාවන් එවන බවයි. 

කෙසේ වෙතත් දකුණු කොරියාවෙන් මේ සඳහා ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තත්ත්වය වඩාබරපතල තත්ත්වයකට ගෙන යාමට උතුරු කොරියාව කටයුතු කළහොත් තමුන්ද දැඩි ක්‍රියා මාර්ගයකට යන බවයි. උතුරු සහ දකුණු කොරියා අතර සාමයක් ඇති වීමේ බලාපොරොත්තුව ඇතිව සිටි සියළු දෙනාගේ අපේක්ෂාව මෙම පුපුරුවා හැරීමත් සමඟම සම්පූර්ණයෙන් ම නැති වී යන බව ඔවුන් තම ප්‍රකාශයෙන් සඳහන් කරනවා.

දකුණු කොරියාව මත පැටවෙන මෙම ආතතිය ඉදිරියේ දී කෙසේ කුමන ආකාරයෙන් වර්ධනය වනු ඇති දැයි ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. උතුරු කොරියාවේ ක්‍රියාවලට අමෙරිකාව සහ දකුණු කොරියාව කෙසේ ප්‍රතිචාර දක්වනු ඇතිද?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu