gossiplanka alexa කොරෝනා රෝගීන්ගේ ධාරිතාව උපරිමයට, තවත් වැඩිවුවහොත් අවදානම් තත්ත්වයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා රෝගීන්ගේ ධාරිතාව උපරිමයට, තවත් වැඩිවුවහොත් අවදානම් තත්ත්වයක් ?

මේ වන විට ශ්‍රී ලංකාවේ කොරොනා රෝගීන් 1800කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඉන් 928ක ප්‍රමාණයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
 
මෙසේ රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යාම නිසා කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් උපරිම ධාරිතාවයට පැමිණ ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය විසින් පෙන්වා දෙන්නේ.

රෝහල් පහක රෝගීන් ප්‍රමාණය 100 ඉක්මවා ගොස් ඇති අතර රෝගීන් ප්‍රමාණය තවත් ඉහළ ගියහොත් ප්‍රතිකාර සඳහා තවත් රෝහල් වෙන් කිරීමට සිදුවන බවයි ඔවුන් පවසන්නේ.
 
ජාතික උණ රෝහල, හෝමාගම, මුල්ලේරියාව, කාත්තන්කුඩි, ඉරණවිල, වැලිකන්ද, තෙල්දෙණිය, මිනුවන්ගොඩ හම්බන්තොට යන රෝහල්වල සහ වැලිසර නාවික හමුදා රෝහල, පනාගොඩ යුද හමුදා රෝහල යන රෝහල් 11හි දැනට කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කරනු ලබනවා.
 
වෙනත් රෝග සහිත පුද්ගලයින්ට ප්‍රතිකාර කරන අතරතුර කොරෝනා රෝගීන්ද රඳවාගෙන ප්‍රතිකාර කිරීමෙන් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය අධික කාර්‍ය බහුල තත්ත්වයකට පත්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu