gossiplanka alexa තොණ්ඩමන්ගේ අවමඟුලට ගිය මාධ්‍යවේදියාට කොරෝනා යැයි කී සෞඛ්‍ය අංශ නිලධාරියාට නඩු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තොණ්ඩමන්ගේ අවමඟුලට ගිය මාධ්‍යවේදියාට කොරෝනා යැයි කී සෞඛ්‍ය අංශ නිලධාරියාට නඩු

https://www.gossiplanka.com/2020/06/thondaman-funera-journalist-corona.html
හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් උත්සවයට සහභාගී වූ මාධ්‍ය වේදියෙක්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු සමඟ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් ද නිරෝධායනයට යොමුකෙරුණා.මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව ප්‍රකාශ වීමත් සමඟම සමාජයේ මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවුණා.

කෙසේ වෙතහ් පරීක්ෂණයෙන් අනතුරුව හෙළි වූයේ මෙම මාධ්‍යවේදියාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීනැති බවයි. තොරතුරු තහවුරු වීමට පෙර මෙසේ සෞඛ්‍ය අංශ නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීම සම්බන්ධයෙන් එම නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය මගින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම පුවත නිසා අදාළ සිද්ධියට මුහුණදුන් ජනමාධ්‍යවේදියා දැඩි අපහසුතාවයට සහ මානසික පීඩාවට පත් වූ බවයි.

ඒ අනුව මාධ්‍යයට එම ප්‍රකාශය ලබා දුන් සෞඛ්‍ය අංශ නිලධාරියාට වගකීම් රහිතව ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන බවයි වරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය සේනක තලගල මහතා පවසන්නේ.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu