gossiplanka alexa අපේක්ෂා රෝහලට එන බස් රථ අත් හි‍ටුවන්න ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අපේක්ෂා රෝහලට එන බස් රථ අත් හි‍ටුවන්න ඉල්ලීමක්

ව කොරෝනා වෛරසය නිසා රටෙහි පැවති තත්ත්වය අනුව මහරගම අපේක්ෂා රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන්ට ඇතිවන අපහසුතාව වැළැක්වීම සඳහා ''අපේක්ෂා එක්ස්ප්‍රස්'' නමින් ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කළා. එදවස් පටන් දිනාපතා ක්‍රියාත්මක වූ මෙම සේවාව පළාත් 9ම ආවරණය වන පරිදි මේ දක්වාත් ක්‍රියාත්මක වනවා.

මෙසේ ක්‍රියාත්මක වන බස් රථවල ශීතකරණ පහසුකම් පවා ස්ථාපනය කර ඇත්තේ සායන සඳහා පැමිණ ආපසු යන රෝගීන්ට වෛද්‍යවරුන් විසින් ලබා දෙන ඖෂධ ප්‍රශස්ථ මට්ටමේ පවත්වාගෙන යාමටයි.

නමුත් මෙවන් සේවාවක් සපයන ''අපේක්ෂා එක්ස්ප්‍රස්'' සේවාව නිසා තමන්ට මහත් පාඩුවක් සිදුවන බව දන්වමින් එක්තරා පුද්ගලික බස් රථ සංගමයක් එම සේවාව අත් හි‍ටුවන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

එහෙත් අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන් සඳහා ස්ථාපනය කළ මෙම සේවාව කොවිඩ් -19 වසංගත තත්ත්වය අවසන් වුවද කිසිම විටක අත් හි‍ටුවීමට කටයුතු නොකරන බවයි  ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu