Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/05/nternatonal-cricket-council.html
වීඩියෝ තාක්ෂණය ඔස්සේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ පැවැත්වූ සාකච්ඡාවේ දී තීරණය කර ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් තීරණය ගැනීමට ලබන ජූනි 10 වැනිදා ‍රැස්විය යුතු බවයි.

එසේම එම සාකච්ඡාවේ වැඩිදුර අවධානයට ලක් වූ කරුණක් වූයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රහස්‍යභාවය බිඳ වැටීම සම්බන්ධවයි. කවුන්සිලයේ රහස්‍යභාවය බිඳවැටී ඇති බව නියෝජිතයින් පෙන්වා දීමත් සමඟම කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතිය භාර නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කෙරුණා.

කවුන්සිලයේ නව සභාපතිවරයෙක් පත් කර ගැනීම සම්බන්ධයෙන් තිරණයක් ගැනීමට නියමිතව තිබුණත් රහස්‍යභාවය පිළිබඳව ගැටළු මතුවීම හේතුවෙන් ඒ ගැන සලකා බැලීමද ජූනි 10වනදාට කල් දැමුණා.



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page