Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/05/bus-fare.html
බන 26 වන අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර අනෙක් දිස්ත්‍රික්ක අතර බස් රථ ප්‍රවාහනය සඳහා අවසර ලැබීමත් සමඟම පුද්ගලික බස් රථ සංගම් කිහිපයක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ එක් මඟියෙක් සඳහා ලබා ගන්නා බස් රථ ගාස්තුව සාමාන්‍ය සාස්තුව මෙන් එකහමාරක අගයකින් වැඩි කරන ලෙසයි.

සෞඛ්‍ය අංශයෙන් ලබා දුන් උපදෙස් මත සෑම මඟී ප්‍රවාහන බස් රථයකම ගෙන යා හැක්කේ සාමාන්‍ය ප්‍රමාණයෙන් අඩකට වඩා අඩු සංඛ්‍යාවක් වීම මීට හේතුවයි.

ලබන අඟහරුවාදා (26) සිටම මෙම බස් රථ ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය ලබා දෙන ලෙසත් එසේ අවසර ලැබීමෙන් පසුව සෞඛ්‍ය උපදෙස් මත ප්‍රවාහන කටයුතු සිදු කළ හැකි බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.


දු

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page