gossiplanka alexa කළු ගඟේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළට - රත්නපුරයට යළි ගංවතුර අවධානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කළු ගඟේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළට - රත්නපුරයට යළි ගංවතුර අවධානමක්

https://www.gossiplanka.com/2020/05/Rapid-rise-in-Kalu-River-water-level-Risk-of-floods-in-Ratnapura.html
මනල අඩවියේ ශ්‍රී පාද බටහිර බැවුම් කොටසට ඊයේ (24) දිනයේ පැය කිහිපයක් තුළ ඇඳහැලුණු වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද දිනයේ රාත්‍රී 8 වන විට පමණක් කළු ගඟේ ජල මට්ටම මීටර් 05.19 එනම් අඩි 17 ඉක්මවූ වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ගංවතුර අවධානමකට සුදානම් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව කළු ගඟ අවට ජනතාවට දැනුම් දෙන්නේ.

සාමන්‍යයෙන් රත්නපුර මුවගම ජල මාපකයේ මීටර් 07.5 ඉක්මවූ සුළු ගංවතුර තත්ත්වයක් ලෙස සලකන අතර මීටර් 5 සීමාව ඉක්මවූ විට කළු ගඟ දෙපස සහ පහළ ජනතාවට සුළු ගංවතුර මට්ටමකට සුදානම් වන ලෙස අනතුරු ඇඟවීමක් සිදු කරනු ලබනවා.

රත්නපුර දිස්ත්‍රික් ආපදා මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ රත්නපුර, ඇලපාත, කිරිඇල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට ගංවතුර අවදානමක් ඇති නිසා ආරක්‍ෂිත ස්ථාන වලට යාමට සුදානමින් සිටින ලෙසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ ඊයේ (24) අලුයම 4 වන විට කළු ගඟේ අඩි පහ හමරාක් වූ බවත් ඊයේ (24) රාත්‍රී 8 වන විට අඩි එකොළහ හමාරකින් ඉහළ නැඟ ඇති බවයි.

ඉහළ කඳුකරයේ ඇදහැලෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් රාත්‍රී කාලයේ ගඟේ ජල මට්ටම ඉහළ යාමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu