gossiplanka alexa තරු පන්ති හෝටල්වල නිරෝධායනය වන පුද්ගලයින්ගේ වැරදි හැසිරීම නිසා වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තරු පන්ති හෝටල්වල නිරෝධායනය වන පුද්ගලයින්ගේ වැරදි හැසිරීම නිසා වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

https://www.gossiplanka.com/2020/05/warning-from-doctors.html
ළුතර තරු පන්තියේ හෝටල්වල නිරෝධායනයට යොමු කර ඇති විදේශයෙන් පැමිණි පිරිස්, කොවිඩ් 19  පුද්ගලයින්ට වැළඳී ඇති දැයි පරීක්ෂණ සිදු කරන වෛද්‍ය කණ්ඩායම් සඳහා සහයෝගය ලබා නොදෙන බව වෛද්‍යවරු චෝදනා කරනවා. එසේම එම පිරිස් අතර සිටින සමහර පුද්ගලයින් සෞඛ්‍ය අංශ වලින් ලබාදෙන උපදෙස් නොතකා ක්‍රියා කරන බව ද වෛද්‍යවරු කියා සිටිනවා.

කොවිඩ් 19 වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීමට ජෛවපටල සාම්පල් ලබා ගැනීමේදී එම පරීක්ෂණවල නිරත වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එම පිරිස් බාධා එල්ල කර තිබෙනවා. වාද්දූව සහ බේරුවල ප්‍රදේශයේ තරු පන්තිවල නිරෝධායනය වන පිරිස් මෙලෙස බාධා කරමින් හැසිරෙන බවයි වාර්තා වන්නේ.

තමන්ගේ ජීවිත ගැන පවා නොතකා පරීක්ෂණ කටයුතු සිදු කිරීමට යාමේ දී එම පිරිස් නොයෙක් පණ්ඩිත වදන් කියමින් තමන්ට බාධා කරන බවයි වෛද්‍යවරු චෝදනා කරන්නේ. දිගින් දිගටම එලෙස බාධා කිරීම් සිදු වුවහොත් ඒ කටයුතු වලින් තම කාර්යය මණ්ඩලවලට ඉවත්වීමට සිදුවන බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පවසනවා. එසේම විදෙස්ගතව මෙරටට පැමිණෙන සියළු පුද්ගලයින්ගෙන් වෛද්‍යවරු ඉල්ලා සිටින්නේ කොවිඩ් -19 පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය සම්පූර්ණ සහාය ලබා දෙන ලෙසයි.

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් එසේ ක්‍රියා කල ද කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සහ නිලධාරීන් සියළු පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලයට උපරිම සහාය ලබා දෙන බව වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා වැඩි දුරටත් පවසා සිටිනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu