gossiplanka alexa මද්‍රසා පාසල්වලදී අපිට අවි පුහුණුව ලබා දුන්නා - කුඩා දරුවන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් හමුවේ කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මද්‍රසා පාසල්වලදී අපිට අවි පුහුණුව ලබා දුන්නා - කුඩා දරුවන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් හමුවේ කියයි

ද්‍රසා පාසල් තුලදී අන්තවාදී සම්බන්ධ ඉගැන්වීම් සහ සටන් පුහුණුව ලබාදුන් අයුරු පිළිබඳව වයස 17ට අඩු දරුවන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ ඊයේ (12) විශේෂ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එම ළමුන් දෙදෙනා පැයකට අධික කාලයක් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ භාෂා පරිවර්තකයෙකුගේ සහය ඇතිව මෙම ප්‍රකාශ ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අදාළ මද්‍රසා පාසල් තුලදී දරුවන් නේවාසික තබාගෙන විවධ පුහුණු වීම් සඳහා යොදාගෙන ඇති බවත් ඔවුන්ට ත්‍රස්ත පුහුණුව පාසල් තුලදී ලබාදී ඇති බවත් හෙළිවී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම මද්‍රසා පාසල් පවත්වාගෙන ගිය එහි ප්‍රධාන නිලතලවල සිටි පුද්ගලයින් පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවයි.

ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මෙලෙස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දියත් කළ බෝම්බකරුවන් දෙදෙනෙක් මෙම පාසල් පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයක ලේකම්වරයෙක් සහ භාණ්ඩාගාරිකවරයෙක් ලෙස අදාල පාසල් වලට පැමිණි දේශන පවත්වා ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇත්තේ.

අදාළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් දින 7කට පසු අම්පාරේ නිවසක් තුළ කුඩා දරුවන් සමඟ බෝම්බ පුපුරුවා ගනිමින් මියගිය මොහොමඩ් සහරාන්ගේ සොයුරු වූ මොහොමඩ් රිල්වාන් යන පුද්ගලයන් ද මෙම පාසලේ දේශනා පවත්වා ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇති නිතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ද ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කළ දරුවන් දෙදෙනා ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu