gossiplanka alexa තවත් නව ආසාධිතයන් 20ක් හඳුනාගැනේ - ආසාධනය වූ රෝගීන් ගණන 889ක් දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් නව ආසාධිතයන් 20ක් හඳුනාගැනේ - ආසාධනය වූ රෝගීන් ගණන 889ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිතයන් ගණන 889 දක්වා ඊයේ (12) රාත්‍රිය වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේදී නව කොරෝනා ආසාධිතයන් 20 දෙනෙක් තහවුරු කරගැනීමත් සමඟයි.

මෙලෙස හඳුනාගැනුණු නව ආසාධිතයන් අතුරින් 17 දෙනෙක් නාවික සෙබළුන් වන අතර අනෙක් තවත් පුද්ගලයන් දෙදෙනෙක් නාවික හමුදා සෙබළුන් ළගින් ඇසුරු කළ අයෙක් බවත් අනෙක් පුද්ගලයා ඩුබායි සිට මෙරටට පැමිණි අයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ රෝගීන් 889 අතුරින් 444ක් නාවික හමුදා සෙබළුන් සහ ඔවුන්ගේ 34 දෙනෙක්ට වෛරසය වැළඳී ඇති බව සඳහන්.

දිවයින පුරා අද වන විට රෝහල්වල 514 දෙනෙක් ප්‍රතිකාර ලබන අතර වෛරසය ආසාධනය වී ඇති බව මෙතෙක් තහවුරු නොවූ රෝගීන් 117ක් ලෙසයි වාර්තා වන්නේ.

වෛරසය ආසාධනය වී පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 366ක් වන අතර වෛරසයෙන් මියගිය ගණක 9 ලෙසයි සෞඛ්‍ය අංශ වාර්තාවල සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu