gossiplanka alexa පාර්ලිමේන්තුව කැඳවන්න කියා ඉල්ලා සජිත් මංගල ජනපතිට යැවූ ලිපි දෙකටම ජනාධිපතිගෙන් සැර පිළිතුරු ලිපි දෙකක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුව කැඳවන්න කියා ඉල්ලා සජිත් මංගල ජනපතිට යැවූ ලිපි දෙකටම ජනාධිපතිගෙන් සැර පිළිතුරු ලිපි දෙකක්

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් යුතුව පසුගිය 26 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කරනද ලිපියට ඊයේ පිළිතුරු ලිපියක් ජනාධිපතිවරයා විසින් යවා තිබෙනවා.

ඒ අනුව එම ලිපියට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ මේ වන විට විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බවයි.

පහත දැක්වෙන්නේ ජනාධිපතිවරයා විසින් විපක්ෂ දේශපාලන වෙත යොමු කරනු ලැබූ පිළිතුරු ලිපියයි.

2020 අප්‍රේල් මස 29 වන දින

ගරු සජිත් ප්‍රේමදාස මහතා
හිටපු විපක්ෂ නායක

ගරු ප්‍රේමදාස මැතිතුමනි,

විපක්ෂයේ ඒකාබද්ධ ප්‍රකාශය.

ඔබ විසින් 2020-04-26 දින ඉහත මැයෙන් ඉදිරිපත් කළ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ගේ අදහස් හා අදාළ ප්‍රකාශය හා සබැඳේ.

එම ප්‍රකාශය අනුව නිරීක්ෂණය වන්නේ ප්‍රකාශයට අත්සන් තබා ඇති පාර්ශ්වයන් මැතිවරණය පැවැත්වීම අවශ්‍ය නොවන බවත්, කොවිඩ්-19 වෛරසය තුළ ජනතාවගේ සෞඛ්‍ය, සමාජ සුරක්ෂිතතාවය හා සුභසාධනයට උපරිම ලෙස සමස්ත රාජය තන්ත්‍රයම යොමු වී ඇති මේ අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාවලියක නිරත වන බවත්, කොවිඩ්-19 රෝග නිවාරණය හා අදාළ කටයුතු වල නිරත වන සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය සේවා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා පෞද්ගලික අංශයේ දැඩි පරිත්‍යාගශීලි කාර්යභාරය අගය නොකිරිමත් බව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත දන්වනු කැමැත්තෙමි.

අතිගරු ජනාධිපතිතුමා තවදුරටත් අවධාරණය කරනුයේ පාර්ලිමේන්තුව විසිරීම එහි වසර 5ක කාලය අවසන්වීම තුළ හෝ ජනාධිපතිවරයා විසින් විසුරුවන අවස්ථාවක සිදුවන බවත්, ඒ අනුව 2020 මාර්තු මස 02 වන දින අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැර අති බවත්ය.

එම විසුරුවා හැරීම ඔබ විසින් ඉදිරිපත් කර ඇති ප්‍රකාශනයට අත්සන් කර ඇති සියලු පාර්ශ්වයන් පිළිගැනීමෙන් ද ඉහත සඳහන් විසුරුවා හැරීමේ නිවේදනයේ වලංගුභාවය තහවුරු වන බව දන්වන ලෙස මා වෙත නියෝග කර ඇත.

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බවත්, 2020-03-02 වන දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කළ විසුරුවා හැරීමේ නිවේදනය අනුව 2020-04-25 දින මැතිවරණය පැවැත්විය යුතු බවත්, ඉන්පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020-06-20 දින මැතිවරණය පැවැත්විය යුතු බවත් නිවේදනය කර ඇති බව දන්වන ලෙස ද මා වෙත උපදෙස් ලැබී ඇත.

තවද, ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 70(7) අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී නොමැති බවද අතිගරු ජනාධිපතිතුමා ඔබ වෙත දන්වන ලෙස මා වෙත නියෝග කර ඇත.

මෙයට - විශ්වාසී,
පී.බී. ජයසුන්දර
ජනාධිපති ලේකම්

මේ අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර පසුගිය 28 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ ලිපියටද ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් යවා තිබෙනවා.

එම ලිපියේ ජනාධිපතිවරයා දක්වා ඇත්තේ හිටපු අමාත්‍යවරයාගේ ලිපියේ අසත්‍ය කරුණු රැසක් සඳහන්ව ඇති බවත් ඒ පිළිබඳව තමා ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

පහත දැක්වෙන්නේ ජනාධිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මංගල සමරවීරට යොමු කරන ලැබූ පිළිතුරු ලිපියයි.
2020 අප්‍රේල් මස 30 වන දින

ගරු මංගල සමරවීර මැතිතුමා,

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

ගරු මංගල සමරවීර මැතිතුමනි,

උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලවවිසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන්ඉල්ලීම.

ඔබ විසින් 2020-04-28 දින ඉහත මැයෙන්අතිගරු ජනාධිපතිතුමා වෙත අමතන ලද ලිපිය හා සම්බන්ධවයි.

එම ලිපියේ අන්තර්ගත කරුණු වැරදිතොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇති බව නීරක්ෂණය වන බවත් හා හිටපු මුදල් අමාත්‍යවරයාවශයෙන් එවැනි ලිපියක් ඉදිරිපත් කිරීම කනගාටුදායක කරුණක් බවත් ඔබ වෙත දන්වන ලෙසඅතිගරු ජනාධිපතිතුමා මා වෙත උපදෙස් දී ඇත.

එම ලිපියේ අන්තර්ගත කරුණු රැසක් අධ්‍යයනයකිරීමේදී පහත සඳහන් නිරීක්ෂණයන්ට එළඹීමට ද සිදු විය.

1- ඔබ දන්නාපරිදි 2015 බලයට පත් වූ රජයට දින 21කින් අයවැයක් ඉදිරිපත් කිරීමට හැකිවූයේ 2015වර්ෂය සඳහා 2014 ඔක්තෝබර් මස විසර්ජන පනත හා අදාළ අයවැය ඇස්තමේන්තු සම්මත වී තිබූපරිසරයක් තුළ බව සදහන් නොවීම.

2- 2015 සිට 2019දක්වා ඔබ හා ඔබට පෙර සිටි මුදල් ඇමතිවරයා විසින් පරිපූරක ඇස්තමේන්තු රාශියක් සෑමවර්ෂයකම ඉදිරිපත් කළ අතර අයවැය යෝජනා සඳහා අදාළ නීති කෙටුම්පත්ද පාර්ලිමේන්තුවවිසින් නීතිමය තත්ත්වයන්ට පත්කර නොතිබුන බව.

3- 2019 සඳහා අනුමත විසර්ජන පනත හා අයවැය ඇස්තමේන්තු තිබියදීත් නොගෙවූ බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 182ක් වූ අතර ඒ හිඟ මුදල් පොහොර, ඖෂධ, වැඩිහිටි සහන හා විවිධ ඉදිකිරිම් සඳහා එම භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ට නොගෙවා තබුන බව සඳහන් නොවීම,

4- රු.බි. 211ක විදේශ ණය ලබාගෙන අනුමත ප්‍රතිපාදන නොමැතිව ඒවා වියදම් කර තිබුණද රාජ්‍ය ගිණුම්වලට ඇතුළත් නොකර ඇති බව,

5- ජාතික ආදායමේ වර්ධනය සියයට 5ක සිට සියයට 2.5 දක්වා වාර්ෂිකව දුර්වලවීම, රාජ්‍ය ණය හා අයවැය හිඟයන් වැඩිවීම ගැන හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් පැහැදිලි කිරීම් ලිපියේ ඇතුලත්කර නොතිම,

6- හම්බන්තොට වරාය වැනි ජාතික වත්කම් විකුණා දැමුවද, එයින් ලද විදේශ මුදල් වලින් විදේශ ණය නොපියවීම ගැනද, ETIවැනි මූල්‍ය සමාගම් කඩාවැටී තැන්පත්කරුවන් අසරණභාවයට පත්වීම ගැනද කිසිදු සඳහනක් නැති බව,

7- පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පණතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3)යටතේ ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස3ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය පැවරී ඇති බවත් එය මීට පෙරද විසර්ජන පණතක් සම්මතවීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක කර ඇති අයවැය නීති රාමුව බව විශේෂයෙන් හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔබ දන්නා බව නොහැඟවීම.

ජනාධිපතිවරණයෙන් පසු අතිගරු ජනාධිපතිතුමා නව රජයක් පිහිටු වීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගරු අගමැතිතුමා විසින් ඔබ මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයද ඇතුළත්ව ගෙවීමට තිබු රු.බි. 182ක ප්‍රමාණයක හිඟ බිල්පත් හා රු.බි 211 ප්‍රමාණයක විදේශ ණය ව්‍යාපෘති මුදල් ගිණුම්ගත කිරීමට නීතිපතිතුමාගේ අනුමැතිය ද ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් ජනාධිපතිවරණයේදී බහුතර ජනතාවගේ ජනවරම නොසලකාහැරීමද කනගාටුවට කරුණක් බව අතිගරු ජනාධිපතිතුමා ඔබ වෙත දන්වන ලෙස මා වෙත උපදෙස් දී ඇත.

එය 2015 දී පත්වූ ජනාධිපතිවරයාට පක්ෂව සිටි සුළුතර රජයට විපක්ෂය සහය දුන්ආකාරයට බෙහෙවින් පටහැනිය.

මේ සියල්ලටම වඩා නව ලිබරල්වාදී සමාජ හාආර්ථික දර්ශණයක් තුළ කටයුතු කරන ඔබ වැනි උගත් හා බුද්ධිමත් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ආර්ථිකය කළමනාකරණය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්, මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට පුරෝගාමීත්වය නොදෙන්නේ ඇයිද යන්න පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා කනස්සල පළ කරන බවද එතුමාගේ උපදෙස් පරිදි දැන්වීමට කැමැත්තෙමි.

මෙයට, විශ්වාසී,
පී.බී. ජයසුන්දර
ජනාධිපති ලේකම්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu