gossiplanka alexa කොරෝනා රෝගය වැළඳුණු රෝගියෙක්ගේ මළ සිරුර නිරෝධායන නීති කඩකරමින් ඥාතීන්ට භාර දීලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා රෝගය වැළඳුණු රෝගියෙක්ගේ මළ සිරුර නිරෝධායන නීති කඩකරමින් ඥාතීන්ට භාර දීලා

කොරෝනා වෛරසය වැළඳුණු බවට පළමුව PCR පරීක්ෂණයෙන් තහවුරු වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රෝගියෙකු මළ සිරුර නිරෝධායන නීතිරීති උල්ලංඝනය කර ඥාතීන් වෙත භාර දුන් සිද්ධියක් සම්බන්ධයෙන් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත පැමිණිලි කර තිබෙනවා.

මෙම මියගිය පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේ 80 හැවිරිදි අයෙක් වන අතර පසුගියදා ශ්වසන රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා.

රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොරෝනා වෛරසය වැළඳී ඇතැයි බවට ඇති වූ සැකය මත PCR පරීක්ෂණයටද ලක්කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ රසායනාගාරය තුල දී පරීක්ෂණය සිදු කර ඇති අතර එහිදී එම රෝගියාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ එම පුද්ගලයා පසුගිය 27 වනදා එම පුද්ගලයා මියගොස් ඇති බවත් පසුව මළ සිරුර ආරක්ෂිතව බහාලන බෑගයකට දමා මෘතශරීරාගාරයේ තැන්පත් කළ බවයි.

ඉන්පසුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අනුමැතිය මෙම දේහය නිරෝධායන නීති අනුව ආදාහනය කිරීමට තීරණය කර තිබෙනවා.

එම රෝගියාට කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වීම හේතුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් තීරණය කර ඇත්තේ පවුලේ ඥාතීන් නිරෝධායන සඳහා යොමු කරන ලෙසයි.

කෙසේ වෙතත් එම රෝගියාගේ මළ සිරුරෙන් පෙනහළු සාම්පලයක් ලබාගෙන යළිත් 28 වනදා කොළඹ IDH රෝහලේ රසායනාගාර වෙත යවා තිබෙනවා.

එහිදී එම රසායනාගාර පරික්ෂාවේදී අනාවරණය වී ඇත්තේ අදාළ රෝගියාට කොරෝනා වෛරසය වැළඳී නොමැති බවයි.

පළමුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදුකළ රසායනාගාර පරීක්ෂණයේදී මියගිය පුද්ගලයා වෙත කොරෝනා ආසාධනය වූ බව තහවුරු වූ නමුත් කොළඹ IDH රෝහල් රසායනාගාරයේ දී සිදු කළ පරීක්ෂණයේදී වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වීම මත පදනම්ව දේහය ඥාතීන්ට භාර දී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඥාතීන් දේහය හෝමාගම නියදගල සුසාන භූමියේදී නිරෝධායන නීතිවලට පටහැනිව ඊයේ දිනයේ දී අවසන් කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu