gossiplanka alexa චීනයේ කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ආරම්භ වෙලා? - අද දිනයට පමණක් නව ආසාධිතයන් 17 චීනයෙන් සොයා ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ආරම්භ වෙලා? - අද දිනයට පමණක් නව ආසාධිතයන් 17 චීනයෙන් සොයා ගනී

චීනය කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැලැක්වීමට යොදා තිබු නීතිරීති පසුගියදා ලිහිල් කිරීමෙන් අනතුරුව නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වී තිබෙනවා.

මෙලෙස නව රෝගීන් වාර්තා වී ඇත්තේ කොරෝනා වෛරසයේ නිජ භුමිය වූ වුහාන් නගරය සහ ඊසාන දිග ජිලින් පළාතෙනි.

පසුගිය 03 වනදා නීතිරිතින් ලිහිල් කිරීමෙන් පසු පළමු රෝගියා වාර්තා වී ඇති අතර තවත් නව රෝගීන් පස් දෙනෙක් අද (11) වන විට හමුව තිබෙනවා.

ඔවුන් සියලු දෙනා එකම නේවාසික ප්‍රදේශයකින් වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියානු සහ උතුරු කොරියා දේශ සීමා ආසන්නයේ පිහිටා ඇති ජිලින් පළාතේ ෂුලන් නගරයෙන් අලුත් රෝගීන් 11 දෙනෙක් අද වාර්තා වී තිබෙනවා.

මේ හේතුවෙන් බලධාරීන් එම ප්‍රාන්තයට පමණක් හදිසි නීතිය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට එක් අයෙක්ට පමණක් පිටතට යාමට අවසර ලබා දී ඇති නමුත් සියලු පොදු ස්ථාන වසා දැමීමටයි නියෝග කර ඇත්තේ.

කෙසේ වුවත් පසුගිය සතියේ චීනය රටේ සියලු කලාප අඩු අවධානම් ප්‍රදේශ ලෙස නම් කර නමුත් හදිසියේ ඇතිව තිබෙන තත්වය මත අඩු අවධානම් තත්වයේ තිබු ජිලින් පළාත මධ්‍යම අවධානම් මට්ටම දක්වා මේ වන විට ඉහළ දමා තිබෙනවා.

පුළුල් ලෙස පළාත පුරා වෛරසය පැතිර යා හැකි බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ.

රෝගීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ සැක සහිත පුද්ගලයන් සොයා බලධාරීන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පසුගිය පැය 24 තුල චීනයෙන් නව ආසාධිත රෝගීන් 17ක් වාර්තා වී ඇති අතර මෙය අප්‍රේල් 28න් පසු එක් දිඅනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් ගණන ලෙසයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් චීනයෙන් මේ වන විට සමස්ථ රෝගීන් 82918ක් හමුව ඇති අතර වෛරසයෙන් 4633ක් මියගිය ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu