gossiplanka alexa ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ නම් ලැයිස්තුවේ ජනාධිපතිවරයාගේ නමත් සඳහන් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ නම් ලැයිස්තුවේ ජනාධිපතිවරයාගේ නමත් සඳහන් වෙයි

මෙරිකානු පුරවැසිභාවය අත්හැරී අයගේ නම් අතරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන්ව තිබෙනවා.

එරට ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ මීට පැය කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනාධිපතිවරයා එවක පැවැති ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වීමත් සමඟ ඔහුගේ පුරවැසිභාවය පිළිබඳව දැඩි කතා බහක් ඇති වුණා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර සිට එනම් පසුගිය වසරේ මාර්තු මස දී සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඔහු විසින් ඉවත් කරගන්නා බවට ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත දැනුම් දී තිබුණා.

පසුව අගෝස්තු 11 වනදා පොදුජන පෙරමුණේ විශේෂ සමුළුවේදී ගෝඨාභය රාජපක්ෂ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් දැනුම් දීම සිදු වුණා.

කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමත් සමඟ ඔහුගේ පුරවැසිභාවය පිළිබඳව සිවිල් සංවිධාන අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

එම පෙත්සම ගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් අතර එහිදී එම විනිසුරු මඩුල්ල මෙම පෙත්සම නිෂ්ප්‍රභා කරන බව විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළා.

අමෙරිකානු පුරවැසිභාවය අත්හල පුද්ගලයින් ගේ නාම ලැයිස්තුව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu