gossiplanka alexa සහරාන් කාන්තාවන් පුහුණු කළ කඳවුරක් CID නිලධාරීන් කාත්තන්කුඩියෙන් සොයාගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සහරාන් කාන්තාවන් පුහුණු කළ කඳවුරක් CID නිලධාරීන් කාත්තන්කුඩියෙන් සොයාගනී

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදී නායක සහරාන් හෂීම් විසින් කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කාන්තාවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේ අවස්ථාවේදීයි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම් හමුවේ කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයේ සියාද් ගාඩන් නැමැති හෝටලයක් ද සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකි වී තිබෙනවා.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය හෝටලය දැඩි පරික්ෂාවට සිදු කර ඇති අතර පසුව හෝටල් හිමිකරු සහ මීට පෙර එම ඉඩමේ අයිතිකරුගේ ප්‍රශ්ණ කිරීම් සිදු කර ප්‍රකාශ සටහන් කරගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සහරාන් සමඟ කටයුතු කර බෝම්බ පුපුරුවාගෙන මියගිය පුද්ගලයන්ගේ බිරින්දෑවරුන් පිරිසක් මෙම ස්ථානයේ දී සහරාන්ගේ දේශනවලට සහභාගී වී ඇති බවයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu