gossiplanka alexa කොරෝනා ගැන ඇත්ත කියන්න - සමඟි ජන බලවේගය සැබෑ තොරතුරු ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ගැන ඇත්ත කියන්න - සමඟි ජන බලවේගය සැබෑ තොරතුරු ඉල්ලයි

කෝවිඩි – 19 වසංගත රෝගය පිළිබඳව සැබෑ තොරතුරු ලබා ගැනීම සඳහා ‘සමගි ජන බලවේගය’ විසින් 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ, සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

ආණ්ඩුවේ බලධාරීන් එකිනෙකට පරස්පරව නිකුත් කරන ප්‍රකාශ එවැනි සාධාරණ සැකයක් මතු කිරීමට හේතු වී ති බව සඳහන්.

කොරෝනා තත්වයන් ගැන සැබෑ තොරතුරු වසන් කිරීම කොරෝනා ආරම්භක චීනයේ පවා සිදුවුවකි.

නව කොරොන වසංගතය චීනයෙහි ආරම්භ වූ අවස්ථාවෙහි චීන බලධාරීන් උත්සාහ කළේ එය රහසිගතව තබා ගැනීමටයි.

කීර්තිමත් ජාත්‍යන්තර සංවිධානයක් වන “දේශසීමා රහිත වාර්තාකරුවෝ (Reporters Without Borders – RSF) පෙන්වා දී ඇති පරිදි රෝගය පැතිරීමට පටත් ගත් අවස්ථාවෙහි චීන බලධාරීහු ඒ පිළිබද එරට සමාජ ජාලාවන්හි සාකච්ජා කිරීමට බැරිවන ලෙස තහංචි පැනවූ බවයි.

රෝගය ගැන අනතුරු හැඟවීමක් බෙදාගත් වෛද්‍යවරුන් 08 දෙනෙකුට දඩුවම් කරන ලද අතර එම තොරතුරු ජනමාධ්‍ය අතට පත්වීම තහනම් කරන ලදී.

විශේෂයෙන් කොරෝනා වලින් හමුදාවන්ට සිදුවන හානිය ‘පෙන්ටගනය’ පවා වසංකරමින් සිටින බව සඳහන්.

විදෙස් මාධ්‍ය පවසන්නේ කොරෝනා වලින් මියයන හමුදා සාමාජිකයින් ගැන කිසිඳු තොරතුරක් මාධ්‍යට ලබා නොදෙන ලෙස ‘පෙන්ටගනය’ විසින් නියෝගකර ඇති බවයි.

කොරෝනා සම්බන්ධයෙන් රජයේ බලධාරීන් හා විශේෂයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් වරින්වර නිකුත්කරන නිවේදන සම්බන්ධයෙන් මේ වනවිට ජනතාව තුල අවිශ්වාසයක් ගොඩනැගෙමින් තිබිය දී, ‘සමගි ජන බලවේගය’ විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ගෙන් ඉල්ලා ඇත්තේ පහත තොරතුරු ලබාදෙන ලෙසයි.


  • කෝවිඩි වෛරසය හඳුනා ගැනීමට මේ වන විට සිදු කොට ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව.

  • එම පරීක්ෂණ තුළින් හදුනා ගත් ආසාදිත රෝගී සංඛ්‍යාව.

  • එම පරීක්ෂණ සිදු කළ ස්ථාන සහ සිදු කළ දිනයන්.

  • නිරෝධායන කඳවුරු තුළ සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ හදුනා ගත් රෝගීන් සංඛ්‍යාව.

  • ජනාධිපති මන්දිරයේ සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ සිදු කළ දිනයන් වෙන් වෙන් වශයෙන්.

  • අරලියගහ මන්දිරයේ සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ දිනයන් වෙන් වෙන් වශයෙන්.

  • වෙනත් ප්‍රභූ වාසස්ථාන වල සිදු කළ පරීක්ෂණ සහ දිනයන්.

  • අහඹු ලෙස සිදු කළ පරීක්ෂණ ප්‍රමාණය දිනයන් සහ ස්ථාන.

  • පරීක්ෂණ සඳහා ලැබුණු PCR කට්ටල ප්‍රමාණය ඒවා ලැබුණු දිනයන්.

  • එම පරීක්ෂණ කට්ටල භාවිතා කළ ආකාරය.

  • ඉතිරි ව ඇති පරීක්ෂණ කට්ටල ප්‍රමාණය.

  • එම පරීක්ෂණ කට්ටල ලැබුණු මූලාශ්‍රයන් සහ ලැබුණු දිනයන් සහ බෙදා දුන් ආකාරය.

  • antibody පරීක්ෂණ සිදු කර ඇති ප්‍රමාණය.

  • කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව.


  • කොරෝනා වෛරසයට ආසාදිත නො වූවා යයි සලකා එ නමුත් නිරෝධායන රෙගුලාසි යටතේ ආදාහනය කළ පුද්ගල සංඛ්‍යාව.

  • නිරෝධායන මධ්‍යස්ථානවල දී පුද්ගල මරණ සිදුවූවා නම් එම ස්ථාන සහ සංඛ්‍යාව.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu