gossiplanka alexa ජනාධිපතිවරයා විවේචනය කළාට එරෙහිව රුපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ජාලයක් සම්පුර්ණයෙන්ම වසා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරයා විවේචනය කළාට එරෙහිව රුපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ජාලයක් සම්පුර්ණයෙන්ම වසා දමයි

කොරෝනා වසංගතය හමුවේ පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට් විසින් එරට ABS-CBN රුපවාහිනී ආයතනය වසා දමා තිබෙනවා.

මෙලෙස වසා දැමු නාලිකාවට අනුබද්ධව රුපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ගණනාවක් ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ඩුටරේට්ස්ව දැඩිව මෙම නාලිකාව මඟින් විවේචනය කර ඇති අතර වසා දැමු නාලිකාවේ බලප්‍රත ද දීර්ඝ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කොරෝනා වසංගතය පිළිබඳව එරට ජනතාවට තොරතුරු සැපයු ප්‍රධාන ආයතනයක් ලෙස මෙම නාලිකාව හඳුවන්වනවා.

එම නාලිකාවේ වසර 25ක විකාශන කාලයක බලපත්‍රය පසුගිය මැයි 4 වනදා අවසන් වී ඇති අතර බලපත්‍ර දීර්ඝ කිරීම ජනාධිපතිවරයා විසින් වලක්වා තිබෙනවා.

ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පෙන්වා දහස් ගණන් මිනිසුන් මරා දැමීම සහ ඔහුගේ විරුද්ධවාදීන් මරා දැමීම සම්බන්ධයෙන් මෙම නාලිකා විවේචනාත්මක ලෙස තොරතුරු ජනතාව වෙත සම්පාදන කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට මාධ්‍ය සංවිධාන සහ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් පවසන්නේ මෙය මාධ්‍ය නිදහස වෙනුවෙන් එල්ලවූ මරු පහරක් බවත් ජනාධිපතිවරයා යටතේ රුපවාහිනී නාලිකාවල බලපත්‍ර ලබාදීමෙන් එම ආයතනවල ස්වාධීනත්වයට හානි වී ඇති බවයි.

එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙය සම්පුර්ණයෙන්ම දේශපාලන පළිගැනීමක් බවයි.

මෙම නාලිකාව ජනාධිපතිවරයාගේ ප්‍රචාරක සහ දේශපාලන දැන්වීම් භාර නොගෙන ඇති බව ජනාධිපතිවරයා විසින් එම නාලිකාවට චෝදනා එල්ල කර ඇති අතර එම නාලිකාව අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ නාලිකාව අවසන් වැඩසටහන විකාශය වන අවස්ථාවේ එම ආයතනයේ සේවකයන් සහ මාධ්‍යවේදීන් හඬා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu