gossiplanka alexa හමුදාව එපා - පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය යොදවන්න - හිටපු කතානායක අගමැතිගෙන් ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හමුදාව එපා - පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය යොදවන්න - හිටපු කතානායක අගමැතිගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තුවේ පිටත ආරක්ෂාව සඳහා කැඳවා ඇති හමුදා සෙබළුන් ඉවත් කර ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස හිටපු කතානායක කරු ජයසුරිය අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගිය දිනක දුරකථන ඇමතුමක් ලබා දී ඇති හිටපු කතානායකවරයා අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා හමුදාව කැඳවීම ගැන විවිධ පක්ෂ ප්‍රශ්ණ මතුකර ඇති බවයි.

එම අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුවේ සේවය කළ පොලිස් නිලධාරීන්ගෙන් පිරිසක් කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවත් ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ පිටත ආරක්ෂාව සඳහා හමුදාව තාවකාලිකව යොදවා ඇති බවටයි.

කොරෝනා මර්දන විශේෂ රාජකාරිවල නිරත වීම හේතුවෙන් විශේෂ කාර්ය බලකාය කැඳවිය නොහැකි තත්වයක් මතුව ඇති බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu