gossiplanka alexa කොරෝනා ලෝකයෙන් තුරන් වෙන දිනය ගැන අනාවරණයක් - තවත් නව කොරෝනා වෛරස ප්‍රභේද 10කුත් සොයා ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ලෝකයෙන් තුරන් වෙන දිනය ගැන අනාවරණයක් - තවත් නව කොරෝනා වෛරස ප්‍රභේද 10කුත් සොයා ගනී

චීනයේ වුහාන් නගරය නිජ බිම කරගත් කොරෝනා වෛරසය තවත් ප්‍රභේද 10ක් පමණ ඇති බව ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ජෛව වෛද්‍ය විද්‍යා හා ප්‍රවේණි විද්‍යා ජාතික ආයතනය පවසනවා.

ඔවුන් සිදු කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ලොව පුරා මේ වන විට ව්‍යාප්තව පවතින්නේ ඉන් A2a නම් වෛරසය පමණක් බවයි.

මේ සම්බන්ධයෙන් Times Of India නම් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ එම වෛරසයේ තිබෙන විකෘතිය හේතුවෙන් එය මිනිස් ශරීරයේ පෙනහළු වලට කඩිනමින් ඇතුල් වන බවයි.

මේ අතර කොරෝනා ගෝලීය වසංගතය 2022 වසර තෙක් පවතින බව ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ලොව පුරා බහුතරයක් ප්‍රතිශක්තිය ගොඩනැගෙන තෙක් වෛරසය පාලනය කිරීම අපහසු බවයි.

මෙම වසංගත තත්වය මාස 18ක් මාස 24ක කාලයක් පැවැතිය හැකි බවයි මේ පිළිබඳ පර්යේෂණ සිදු කළ මිනසෝටා සරසවියේ බෝවන රෝග පර්යේෂණ සහ ප්‍රතිපත්ති මධ්‍යස්ථානය පවසන්නේ.

අදාළ කාලය තුලදී මිනිස් ජනගහනය අතර වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ක්‍රමයෙන් ගොඩනැගෙනු ඇති බවයි ඔවුන්ගේ විශ්වාසය.

දීර්ඝ බීජෞෂණ සමයක් පැවතීම සහ රෝග ලක්ෂණ රහිතව පැතිරීමේ හැකියාව හේතුවෙන් කොරෝනා වෛරසය, ප්‍රතිශෂ්‍යාවට වඩා වේගවත්ව පැතිරීම දැකිය හැකි බවයි එම කණ්ඩායම පෙන්වා දෙන්නේ.

කොරෝනා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇති බවත් ව්‍යාප්තිය අවම කිරීමට නම් ලෝක ජනගහනයෙන් 60% - 70% අතර ප්‍රමාණයක් ඊට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනැගිය යුතු බව මෙම පර්යේෂණයේදී අනාවරණය වී තිබෙනවා.

ඒ හේතුවෙන් කොරෝනා වෛරසය සඳහා සාර්ථක එන්නතක් මෙතෙක් නොමැති වීම හේතුවෙන් වසර දෙකක් පමණ ගතවන තෙක් වෛරසය පාලනය කිරීම දුෂ්කර බවයි එම පිරිස පෙන්වා දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu