gossiplanka alexa කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ අවධානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ අවධානමක්

කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුල එම වෛරසය පවතින බව නවතම පරීක්ෂණයකින් විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

චීනයේ වෛරසය උග්‍ර ලෙස ව්‍යාපත් වූ ජනවාරි, පෙබරවාරි යන කාල සිමාව තුලදී තෝරාගත් පිරිමි පුද්ගලයින් 38 දෙනෙක් යොදාගෙන මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.

Shangqui රෝහලේ වෛද්‍ය පර්යේෂකයින් විසින් පෙන්වා දෙන්නේ පරීක්ෂණයට යොදාගත් පිරිසෙන් 16% කගේ ශුක්‍රානු තරලවල මෙම වෛරසය පවතින බවට සොයාගත් බවයි.

වෛරසය වැළඳී සුව වී සිටින පුද්ගලයන්ගේ ශුක්‍රානු තරල මතද එය පවතින බවයි එම කණ්ඩායම පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ කටයුත්තක් සිදුවන තෙක් වෛරසය අසාධනය වූ රෝගීන් සහ රෝගයෙන් පුර්ණ සුවය ලැබූ අය සමඟ ලිංගිකව හැසිරීමෙන් වලකින ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu