gossiplanka alexa කොරෝනා ගැන පර්යේෂණ කළ පර්යේෂකයෙකු වෙඩි තබා ඝාතනය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ගැන පර්යේෂණ කළ පර්යේෂකයෙකු වෙඩි තබා ඝාතනය කරයි

කොරෝනා වෛරසයට අදාලව ඉතා වැදගත් සොයාගැනීම් රැසක් සිදු කරමින් සිටි පර්යේෂකයෙකු ඇමෙරිකාවේ පන්සේල්වෙනියා ප්‍රාන්තයේ දී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන 37 හැවිරිදි Bing Liu නම් පුද්ගලයෙකි.

මියගිය පර්යේෂකවරයාගේ සිරුර ඔහු පදිංචි නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.

හිසට සහ බෙල්ලට එල්ල වුණු වෙඩි පහරවල් වලින්  මෙම පර්යේෂකවරයා මියගොස් ඇති බවයි මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ.

අදාළ පර්යේෂකවරයාගේ සිරුර හමු වී පැයකට පසු ඔහුගේ නිවසට මඳක් දුරින් තවත් පුද්ගල මළ සිරුරක් පොලීසියට හමු වී තිබෙනවා.

Hao Gu නම් 46 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති අතර ඔහු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි මේ වන විට වාර්තා වන්නේ.

ඇමෙරිකානු ආරක්ෂක අංශ  පවසන්නේ Bing Liu සහ Hao Gu යන දෙදෙනා හොඳින් හඳුනන අය බවට තොරතුරු ලැබී බවයි.

මේ අතර පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලය සිය විශ්ව විද්‍යාලයේ කැපිපෙනෙන පර්යේෂකවරයාගේ මරණයක් සමඟ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ "කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සෛලීය යාන්ත්‍රණයන් සහ සංකුලතා සම්බන්ධයෙන් පර්යේෂණය කිරිමේ කටයුතු වල ඔහු යෙදී සිටියා. එය ඔහුගේ සිහිනයක්, ඔහුගේ අපේක්ෂාව ඉටු කිරිමට අප කැපවී කටයුතු කරන්නෙමු" යනුවෙනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu