gossiplanka alexa තවත් නව ආසාධිතයන් 27 දෙනෙක් හමුවෙයි - සමස්ථ ආසාධිතයන් ගණන 824 දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් නව ආසාධිතයන් 27 දෙනෙක් හමුවෙයි - සමස්ථ ආසාධිතයන් ගණන 824 දක්වා ඉහළට

යේ (08) දිනයේ දී මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 824 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ දී පමණක් නව කොරෝනා ආසාධිතයන් 27 දෙනෙක් හමු වුණා.

ඉන් 06 දෙනෙක් නාවික හමුදා සෙබළුන් වන අතර නාවික හමුදාවේ යුවලකගේ මාස 13ක බිලිදෙකුද ඇතුලත් බවයි වාර්තා වන්නේ.

එම යුවලගේ වැඩිමල් දරුවාද කොරෝනා ආසාධිතයෙක් ලෙස පෙරේදා දිනයේ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව සමස්ථ රෝගීන් 824 දෙනාගෙන් නාවික හමුදාව සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 407 දෙනෙක් ඇතුලත් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඉන් රෝගීන් 373 දෙනෙක් නාවික හමුදාවේ සෙබළුන් වන අතර රෝගීන් 34 දෙනෙක් ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් මෙරට රෝහල්වල වෛරසය ආසාධනය වී 583 දෙනෙක් ප්‍රතිකාර ලබන අතර වෛරසය වැළඳී ඇති බව මෙතෙක් තහවුරු නොවූ සැක සහිත රෝගීන් ගණන 134කි.

මේ අතර වෛරසය ආසාධනය වී පුර්ණ සුවය ලැබූ ගණන 232 ලෙස වාර්තා වන අතර වෛරසය ආසාධනය මියගිය ගණන 9 ලෙසයි සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu